Loading...
Intel සමඟ එක්වී MediaTek විසින් laptop සඳහා වන සිය ප්‍රථම 5G chip එක නිකුත් කරයි

ඔව් ඔයා දැක්ක මාතෘකාවෙන් කියවෙන දේ හරි! Intel ලා තව දුරටත් තනියම 5G modems නිෂ්පාදනය කරන්නේ නෑ. ඒත් MediaTek එක්ක තියෙන සහයෝගිතාව නම් පල දරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ සමාගම් දෙක එකතු වෙලා next-generation Intel-powered laptops වලට යොදාගන්න MediaTekලගෙ T700 5G modem එක නිකුත් කරලා තියෙනවා. Intel සමාගම ප්‍රකාශ කලේ ඔවුන්ගේ කොටස හැටියට ඔවුන් 5G chips වල system integration, validation සහ platform optimization develop කිරීම වගේම OEM partnersලට assistance ලබා දීම යන වැඩ කටයුතු සිදු කල බවයි.

MediaTek ලගෙ T700 5G modem එක support කරන්නේ Sub-6 5G තාක්ෂණයයි. ඒ වගේම MediaTek සමාගම ප්‍රකාශ කලේ ඔවුන් 4G LTE networks වලින් depend නොවන 5G standalone calls ද test කර තිබෙන බවටයි. ඒ කොහොම උනත් ඒ අතරවාරයේ ම chipset එක support කරන්නේ 4G network backup එකකින් rely වෙන non-standalone Sub-6 5G networks වලටයි. ඒ වගේම MediaTek ලා සහතික උනේ මේ chip එක බලශක්තිය අතින් ඉහළ කාර්යක්ෂමතාවයක පවතින බවයි. ඒ නිසා 5G surf කරද්දී, calls ගනිද්දී ඔයාගෙ laptop එක drain වෙන්නේ නෑ.

මේකේ තියෙන network speed එකත් එක්ක user ට ලොකු වාසියක් අත් වෙනවා. දැනට announce කරලා තියෙන Dell Latitude 9510 2-in1, HP Elite Dragonfly G2 සහ Lenovo Flex 5G වගේ 5G laptops use කරන්නේ Qualcomm modems. ඉතින් මේ partnership එක එක්ක එලියට එන laptop models ඔක්කොම මේ අලුත් chip එක use කරාවි.

Source : Engadget