Loading...
LG Velvet 5G T-Mobile ජංගම දුරකථනය සමඟ Dimensity 1000C chipset එක MediaTek ආයතනය විසින් නිකුත් කරයි

MediaTek සමාගම විසින් තම නවතම 5G smartphone chipset එක වන MediaTek Dimensity 1000C හඳුන්වා දී තිබෙනවා. මෙම Dimensity 1000C chipset එක ඇමරිකා එක්සත් ජනපදය තුල භාවිතා වන ප්‍රථම MediaTek 5G chipset එකට බවට පත්වෙමින් T-Mobile දුරකථන ජාලය භාවිතා කරමින් ඇමරිකාව තුල භාවිතයට නිකුත් කරන LG Velvet ජංගම දුරකථන වෙත මුලින්ම ඇතුලත් කර ඇත. ඒ අනුව MediaTek Dimensity 1000C භාවිතා වන මුල්ම ජංගම දුරකථනය LG Velvet T-Mobile ලෙස වාර්තා වනවා.

MediaTek Dimensity 1000C වලින් බල්ගැන්වෙන LG Velvet T-Mobile හි unboxing video එක

ඒ පිලිබඳව T-mobile හි VP of Product Development වන Ryan Sullivan විසින් පහතයුරින් අදහස් දක්වා ඇත.

“From the world’s first standalone 5G data call to collaborating on their first 5G chipset in America, T-Mobile and MediaTek have partnered to move 5G innovation forward,”

MediaTek Dimensity 1000C chipset එක 7nm octa-core processor එකක් වන අතර එහි 2GHz ARM Cortex-A77 හතරක් සහ 2GHz ARM Cortex-A55 හතරකින් සමන්විත වෙනව. ඒ අතරම GPU එක විදිහට භාවිතා වන්නේ ARM Mali-G57 MC5 GPU එකයි.

Dimensity 1000C හිදී මෙගාපික්සල් 64ක resolution එකක් දක්වා කැමරා සඳහා සහය දක්වන අතර, dual camera setup එකකදී මෙගාපික්සල් 32 + මෙගාපික්සල් 16 දක්වා සහය දක්වනවා. ඊට අමතරව video bokeh, EIS සහ තවත් විශේෂාංග සහිතව 4K videos ලබා ගැනීමේ හැකියාවටද මෙම Dimensity 1000C සහය දක්වනවා.

එමෙන්ම මෙම චිප්සෙට් එක SA/NSA යන 5G network දෙක සඳහාම සහය දක්වන අතර WiFi 5 වලින් සහ Bluetooth 5.1 වලින් බල ගැන්වෙනවා. ඒ වගේම මේ Dimensity 1000C chipset එක Netflix වල AV1 HDR සහ YouTube AV1 යන media codecs සඳහා සහය දක්වාන අතර Twitchහි AV1 Streaming සඳහාද සහය දක්වනවා.

මෙම නව chipset එක වර්තමානයේ වර්ධනය වෙමින් පවතින් dual voice wake-up සහ dual display ස්සඳහා සහය දක්වන අතර MediaTek Dimensity 1000C යනු dual display සඳහා සහය දක්වමින් MediaTek ආයතනය විසින් නිපදවන පළමු chipset එක වනවා.

මෙම MediaTek Dimensity 1000Cහි specifications පහත පරිදි වේ.

  • CPU: 4 ARM Cortex-A77 cores @ 2.0GHz + 4 ARM Cortex-A55 cores @ 2.0GHz
  • GPU: 5-core ARM Mali-G57
  • AI: 4-core MediaTek AI processing unit (APU 3.0)
  • RAM: Up to 12GB LPDDR4X @ 1866MHz
  • Storage: UFS 2.2
  • Display: Full HD+ (2520×1080) @ 120Hz
  • Video: MediaTek MiraVision with AI-PQ (artificial intelligence picture quality enhancements), SDR to HDR video playback,
  • HDR10+ video playback
  • ISP: 5-core ISP supporting up to 4 concurrent cameras, up to 64MP single camera @ ZSL, up to dual 32MP + 16MP cameras @ ZSL, AV1 hardware decoding support
  • Modem: Integrated 5G modem with support for sub-6GHz frequencies (no mmWave). Wi-Fi 5 (802.11a/b/g/n/ac). Bluetooth 5.1.
  • GNSS: Dual-band GNSS support
  • DSP: Multiple voice assistant and trigger word support
  • Fab: 7nm process

Source: MediaTek & XDA-Developers