ශ්‍රී ලංකා වෙළඳපොලට Meizu Smartphone Brand එක නිල වශයෙන් හඳුන්වාදීම පසුගිය අඟහරුවාදා (ජනවාරි 28) කොළඹදී සිදු කෙරුණා. ඒ Meizu Smartphones බෙදාහැරීම ශ්‍රී ලංකාව තුළ බෙදා හැරිමේ කටයුතු සහ අමතර සේවා සැපයීම් ආදිය සිදු කරන Poova Holdings Private Limited සමාගම හරහායි.
මෙහිදී, ශ්‍රී ලංකාවේ වෙළඳපොල සඳහා Meizu Entry Level Smartphones කිහිපයක් හඳුන්වාදෙනු ලැබුවා. Meizu Note 21 Pro, Note 21 සහ Mblu 21 යන නවතම මාදිලි ත්‍රිත්වය මේ අතරට අයත් වනවා.
Meizu Note 21 Pro
රු. 69,990.00 මිලකට හඳුන්වාදෙන Note 21 Pro Smartphone එක 6.78” FHD+ Display එකක් සහ 120Hz Refresh Rate එකක් ලබා දෙනවා. Helio G99 Processor, 8GB RAM, 256GB Storage සහ 5000mAh Battery + 30W Fast Charging පහසුකම්වලින් සමන්විත මේ Smartphone එක සමන්විත වනවා. 64MP AI Dual Camera Setup එකක් සහිත මෙය උසස් ඡායාරූප ලබා ගැනීමට ඉතාමත් උචිතයි.
Meizu Note 21
රු. 40,990.00 මිලකට හඳුන්වාදෙන Note 21 Smartphone එක 6.74” HD+ Display එකක් සහ 90Hz Refresh Rate එකකින් සමන්විතයි. Unisoc T606 Processor, 8GB RAM, 256GB Storage සහ 6000mAh Battery + 18W Fast Charging පහසුකම් ඇති මෙය දිගු කාලීන භාවිතයකට වඩාත් සුදුසුයි. 50MP AI Dual Camera එක හරහා උසස් ඡායාරූප ලබා ගැනීමේ හැකියාව මේ සතුව පවතිනවා.
Meizu Mblu 21
රු. 28,990 මිලට හඳුන්වාදෙන Mblu 21 Smartphone එක 6.79” HD Display එකක් සහ 90Hz Refresh Rate එකකින් සමන්විතයි. Unisoc T606 Processor, 4GB RAM, 64GB Storage සහ 4900mAh Battery එකක් සහිත මෙය පරිමිත Budget මට්ටමේ Smartphone එකක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. 13MP AI Dual Camera එකක් සමඟින් එළිදක්වා ඇති මෙය එදිනෙදා සාමාන්‍ය භාවිතය සඳහා වඩාත් සුදුසුයි.
මෙම Meizu Smartphones සඳහා Smartphone එක සමඟින්ම Charger Doc එක සහ Charging Cable එකත් ලබා දී තිබෙන අතරම වසරක Poova Warranty සහිතව දිවයින පුරා සිටින Poova අලෙවි නියෝජිතයින් මගින් මේ Smartphones දැන් ඔබට මිලදී ගත හැකියි.