Loading...
Facebook හරහා එකවර 50කට Video calls කිරීමට හැකියාව

Facebook සමාගම විසින් මේ දිනවල ඔවුන්ගේ සියලුම සේවාවන්වල Video call පහසුකම පුළුල් කිරීම වගේම අලුතින් විශේෂාංග හඳුන්වා දීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙන බවක් පෙනේ. පසුගියදා ඔවුන්, බිලියන 2ක් පමණ ප්‍රමාණයක් භාවිතා කරන, ලොව ප්‍රමුඛතම Messaging සේවාවක් වන Whatsapp සඳහාද වීඩියෝ ඇමතුමක් සඳහා එක් වරකදී එකතු විය හැකි ප්‍රමාණය 8ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබුණා. ඒ පෙර පැවති ප්‍රමාණය මෙන් දෙගුණයක වැඩිවීමක්.

මේ දවස වල ලෝකය පුරාම පැතිර යන COVID-19 වසංගත තත්වය හමුවේ මිනිසුන්ට අන්තර්ජාලය හරහා තම සමීපතමයන්ට, රාජකාරීමය ස්ථානයන්ට සම්බන්ධ වීමට සිදු වුනා කියන එක හැමෝම දන්නවා සහ මේ ලිපිය කියවන ඔයත් ඒ විදිහට සම්බන්ධ වෙන්න ඇති.

එහිදී මූලිකවම අන්තර්ජාල පරිශීලකයන් මුහුණ දුන් ගැටළුව වූයේ එකවර විශාල පිරිසකට වීඩියෝ කෝල් තාක්ෂණය හරහා සම්බන්ධවීමට විවිධ සේවාවන් භාවිතා කිරීමට සිදුවීමයි. මෙහිදී Microsoft Teams, Zoom වගේ විවිධ සේවාවන් භාවිතා කරනු දුටු Facebook ආයතනයට තම platform එක තුල ඇති දුර්වලතා සහ සීමාකම් පෙනෙන්නට විය.

එයට පිලියම් ලෙස ඔවුන් මුලින්ම අවධානය යොමු කලේ Whatsapp හරහා එක වරකට වීඩියෝ ඇමතුමකට එක විය හැකි පරිශීලකයන් ප්‍රමාණය 4 සිට 8 දක්වා ඉහල දැමීමයි. නමුත් මෙය තවමත් භාවිතා කල හැක්කේ Beta පරිශීලකයන්ට පමණයි. ඉදිරි නොබෝ දිනකදී සියලුම පරිශීලකයන්ට මෙය පොදුවේ භාවිතා කල හැකි වන ආකාරයට යාවත්කාලීන කිරීම ලබා දෙනු ඇත.

Whatsapp new group call

Facebook Messenger එක දිහාවට

Whatsapp වලට පසුව Facebook සමාගම තමන්ගේ අවධාන්‍ය යොමු කරන්නට වූයේ Facebook Messenger වෙතය. ඔවුන් Facebook Chat සේවාව වන Messenger සඳහාද Video Chat පහසුකම පුළුල් කිරීමට පියවර ගත්තා. මෙය “Messenger Rooms” ලෙස නම් කර තිබෙන අතර එක් වරකදී Video Chat එකක් සඳහා එකතුවිය හැකි ප්‍රමාණය 50ක් දක්වා වැඩි කර තිබෙනවා.

මෙහි තිබෙන පහසුකම වන්නේ, Facebook තුල නැති අයෙකුට පවා invite කර Messenger Room වෙත සම්බන්ධ කරගත හැකි වීමයි.

Messenger Rooms on Desktop - Source Messenger News
Messenger Rooms on Desktop - Source Messenger News

Messenger Rooms වලට ලැබෙන අළුත් features

  • Messenger Room එකක් Host කර පසු එය Facebook Newsfeed එක තුළ, Group එකක් තුළ හෝ Facebook Event Feed එකක් තුළට පවා Share කරගැනීමට අවස්ථාව ලැබෙනවා. එමඟින් ඔබගේ හිතවතුන් පහසුවෙන් ඔබගේ room එක වෙත ඇතුලත් කර ගැනීමට හැකිය.
  • ඔබගේ මිතුරෙකු විසින් හෝ ඔබ සාමාජිකතවය දරණ Community group එකක් මඟින්  Host කර ඇති Open Room එකක්ට ඕනෑම අවස්ථාවක දුරකතනය හරහා හෝ පරිගණකය හරහා සම්බන්ධ වීමට හැකියාව තියෙනවා.
  • Facebook Messenger තුල මේ වන විටත් ඇති AR effects මෙන්ම 360 backgrounds සහ Mood lighting වැනි අලුත්ම effects කිහිපයක්ද Messenger Room තුල භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.
  • Room එකක් Create කරන අවස්ථාවක එයට එකතු විය හැකි පුද්ගලයන් සහ එම Room එක පෙනිය යුතු පුද්ගලයින්ව පාලනය කිරීමේ හැකියාව.
  • ඇමතුමක රැඳී සිටින විට ඔබට අනවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුව Remove කර දැමීමටද ඔබට හැකියාව ලැබෙන අතරම Room එක Lock කිරීමටත් අවස්ථාව ලබා දී තිබීම. (Room එකක් Lock කර ඇති අවස්ථාවක වෙනත් කිසිඳු පුද්ගලයෙකුට Room එකට පිවිසීමට හැකියාව ලැබෙන්නේ නැහැ.)
  • Messenger Rooms වෙනම Install කරගැනීම හෝ Download කිරීම අවශ්‍ය නොවීම.
Invitation link එකක් හරහා එකතු කර ගැනීමේ හැකියාව - Source Messenger News
Invitation link එකක් හරහා එකතු කර ගැනීමේ හැකියාව - Source Messenger News
Messenger Room වෙත invite කිරීමට හැකිය - Source Messenger News
Messenger Room වෙත invite කිරීමට හැකිය - Source Messenger News
Facebook Groups තුල Messenger Groups - Source Messenger News
Facebook Groups තුල Messenger Groups - Source Messenger News
Facebook News feed මත Messenger Groups - Source Messenger News
Facebook News feed මත Messenger Groups - Source Messenger News

සුරක්ෂිතභාවය

මැතකදි අන්තර්ජාලය පුරා පැතිර ගිය කතාවක් තමයි, Facebook ආයතනය විසින් Messenger හරහා ලබාගන්නා ඇමතුම් වලට AI තාක්ෂණය ඔස්සේ සවන් දෙන බවත්, එමඟින් ඔවුන් word process කරමින් පරිශීලකයන්ට ඒ වචන වලට අදාල වෙන ආකාරයට වෙලඳ දැන්වීම් පලකරන බවත්‍. මේක නම් බොරුවක් කියන්න බෑ, මමත් පෞද්ගලිකව අත්විඳපු දෙයක් තමයි මේක. එක වතාවක් VPS ගැන කතා කරාම විනාඩි කීපයකින් Web hosting service වල ඇඩ්. Facebook block කරපු කාලේ VPN ගැන කිව්වම VPN ගැන ඇඩ්.

ඒ කොහොම උනත් Facebook විසින් කියන්නේ Messenger Room වලදී එම ඇමතුම් අතරමැදියෙකුට බැලීමට හෝ ඇසීමට නොහැකි බවත් එම ඇමතුම්වල පුද්ගලිකාභාවය සුරැකෙන බවත්ය.

We built Rooms with privacy and safety top of mind so you can feel comfortable connecting with your friends, family and communities. We don’t view or listen to your calls, and the person who creates the room controls who can join, who sees the room, and if the room is locked or unlocked to new guests. The room creator must be present in order for the call to begin, and the creator can remove guests at any time. You can report a room name or submit feedback about a room if you believe it violated our Community Standards. Reports will not include audio or video from the room since we don’t view or listen to your calls. Learn more about Rooms privacy features and controls.

මේ වන විටත් Messenger Rooms දැනටමත් බොහෝ රටවලට භාවිතා කල හැකි ආකාරයට විවෘත කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුලදී සෙසු රටවල් සඳහාද මෙය භාවිතා කිරීමට හැකියාව ලබාදෙන බවයි Facebook වෙතින් පවසා සිටින්නේ.

News source - Messenger News