Loading...
WhatsApp Android App එකෙහි UI එක Redesign කිරීමට Meta සමාගම කටයුතු කරයි

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත UI Changes වගේම අලුත් පහසුකම් ද දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


2.23.13.16යන WhatsApp for Android Developer Beta Version එකෙහි Top App Bar එක සමඟින් Main UI එකෙහි වෙනස්කම් කිහිපයක් සිදු කොට තිබෙනවා.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි App එකෙහි Top Bar WhatsApp ලෙසින් සඳහන් වී ඇති කොටස කොළ පැහැ කොට WhatsApp සඳහා වූ Unique Font එකකින් එය යොදා ඇති බව පෙනෙනවා. මේ තූළින් අපට ඉදිරියේදී සම්පූර්ණ WhatsApp App එකෙහිම Font එක ලෙස එම Font එක භාවිතා වේ යැයි අනුමාන කළ හැකියි. (දැනට පවතින්නේ ඒ ඒ Smartphone එකෙහි Default Font එක වේ.)

තවද 3 Dot Menu එකට වම් පසින් Profile Picture එකද යොදා ඇති අතර එය Touch කිරීම මඟින් පහසුවෙන් Profile Settings වලට යා හැකියි. මීට අමතරව Top App Bar එකට පහළින් All, Unread, Personal, Business ලෙසින් Chats Filter කර බැලිය හැකි වනවා. මෙම Chat Filtering පහසුකම නුදුරේදීම iOS සඳහාද ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිවනවා.


මෙම UI Redesign එක තවමත් සංවර්ධන මට්ටමේ පවතින අතර ඉදිරියේදී Public Beta Versions සඳහා බලාපොරොත්තු විය හැකියි.

Source: wabetainfo.com