Loading...
Meta Smart Watch එකෙහි රූපයක් අන්තර්ජාලයට නිකුත් වේ

Meta එහෙමත් නැත්නම් මීට පෙර Facebook ලෙස හැඳින්වූ සමාගම Smart Watch එකක් නිපදවීමට සූදානම් වන බවට තොරතුරු Android වැඩකාරයෝ අපි ඔබ වෙත වාර්තා කරනු ලැබුවා. ඊටත් අමතරව එහි අන්තර්ජාලයට නිකුත් වූ Leaks කිහිපයක් පිළිබඳවත් අපි ඔබට වාර්තා කළා.

මීට දින කිහිපයකට පෙර අන්තර්ජාලයට නිකුත් වූ මේ රූපයෙන් Meta Smart Watch එකෙහි Display, Casing සහ Front camera පිළිබඳව දළ අවබෝධයක් ගත හැකි වෙනවා.

මේ දෙස බැලූ විට මුලින් ම දැකිය හැක්කේ එහි ඍජුකෝණාස්‍රාකාර හැඩති Design එක, Rounded Corners සහ Curved Edges ආදියයි. තවද දකුණු පස Control Button එකකුත් අපට දැකිය හැකි වනවා.

තවද මෙහි Camera එක පිහිටා ඇත්තේ කුඩා Notch එකක් ලෙස පහල කෙළවර වීමද විශේෂත්වයක්. මෙය Video Call සහ Selfie ගැනීම සඳහා මෙන්ම මෙහි Health Features අඩංගු විය හැකි බවත් වැදගත් කරුණක්.

කෙසේ නමුත් මෙහි Meta සමාගම විසින්ම නිෂ්පාදිත OS එකක් මගින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු විම තරමක් අපහසු වෙන අතර, එසේ නොවුනහොත් මෙය Google Wear OS වැනි මෙහෙයුම් පද්ධතියක් මගින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වෙනවා.

ඉතින් මේ Meta Smartwatch එක 2022 වසරේදී අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් අතරම මේ පිළිබඳ නවතම තොරතුරු ලද සැණින් Android වැඩකාරයෝ අපි ඔබ වෙත තොරතුරු ගෙන එනවා.

Source - Beebom, Gizmochina