Loading...
Mi 11 Pro සහ Mi 11 Ultra ජංගම දුරකතන දෙක මේ මස 29 වන දින චීනයේදී එලිදැක්වීමට සූදානම් වේ

Xiaomi සමගාම විසින් මීට පෙර Qualcomm Snapdragon 888 Chipset එකෙන් බලගැන්වුණු Mi 11 දුරකථනය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේදි එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

Xiaomi Mi 11 Pro හා Xiaomi Mi 11 Ultra යන දුරකථන මාර්තු මස 29 වන දින චීනය තුළ එලිදැක්වීමට කටයුතු කරන බව Xiaomi සමාගම විසින් තහවුරු කරනු ලැබුවා. එම දුරකථන එලිදැක්වීමට නියමිත Launch Event එක පිළිබදව මීට පෙර twitter හරහා දැනුවත් කර තිබුණි. එය පහතින් දැක්වේ.

ඉන්පසුව මෙම event එක තුළදී දුරකථන දෙකක් එලිදක්වන බව ඔවුන් විසින් Weibo හරහා දැනුවත් කර ඇත. එය පහතින් දැක්වේ.

微博
随时随地发现新鲜事!微博带你欣赏世界上每一个精彩瞬间,了解每一个幕后故事。分享你想表达的,让全世界都能听到你的心声!

Xiaomi Mi 11 Lite නම් දුරකථනයක් නිකුත් වන බවට තොරතුරු පළවුවද Xiaomi විසින් දුරකථන 3 ක් නිකුත් කරන බවක් ප්‍රකාශ කර නැත.

ඒ අනුව Mi 11 Pro හා Mi 11 Ultra දුරකථනයන් දෙක මාර්තු මස 29 වන දින එලිදැක්වෙනු ඇති අතර එම Launching Event එක Xiaomi නිල සමාජජාල ගිණුම් ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව ලැබෙනු ඇති.

Source: NDTV