Xiaomi විසින් ඔවුන්ගේ නව ecosystem එක ජූලි 15 දී දියත් කරනවා. එදාට Mi Superbass Wireless Headphones launch කරනවා කියන එක අපි දැනටමත් දන්න කාරණයක්. එදාට තව wireless earphones දෙකකුත් launch කරන්න යනවා කියලා අපිට දැන් දැනගන්න ලැබෙනවා.
Xiaomi ලගේ tweet අනුව එයාලා එයාලගේ design සම්පූර්ණයෙන්ම tease කරලා තියෙනවා. Design හැටියට එය මේ අවුරුද්දේ මුල launch කරපු Mi True Wireless Earphones 2 ට සමාන කමක් තියෙනවා. Look පොඩ්ඩක් එකවගේ උනාට charging case ටිකක් වෙනස්. Tweet තියෙන විදියට earphones කෙලින් අතට වෙනුවට හරහාට තමයි case දාන්න තියෙන්නේ.
Who else can’t wait for #MiTrueWirelessEarphones2Basic??♀️?♂️
— Xiaomi (@Xiaomi) July 13, 2020
See you in 2 days! #SmartLivingForEveryone pic.twitter.com/o0zaDoja2l
Mi True Wireless Earphones 2 Basic කියන නමින්ම අපිට අපිට තේරෙන දෙයක් තමයි මේක Mi True Wireless Earphones වඩා මිලෙන් අඩු වෙයි කියන එක.
මේකේ මිල අඩු කරන්න මෙයාලා battery life පොඩ්ඩක් අඩු කරලා USB-C වෙනුවට microUSB port කට ගිහිල්ලා තියේවි.
Company මේ පිළිබඳව මේ වන තෙක් නිල නිවේදනය කරලා කරලා නෑ ඉතිං දැනට මේ කිසිම දෙයක් නිශ්චිත නැහැ. කොහොමහරි tweet පින්සිද්ද වෙන්න ජූලි 15 මේක launch කරනවා කියලා දන්නවා. හැබැයි තව දවස් දෙකක් විතර යනකොට නං, අපිට හරියටම පුළුවන් වෙයි Wireless Earphones 2 Basic ගැන විස්තරයක් දැන ගන්න. දැනට වෙළඳ පොලේ තියෙන Realme Buds Air හා Realme Buds Air Neo වලට හොඳ තරඟයක් දෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා මේ earphones වෙලට.