Loading...
Apple සමාගම අභිබවමින් Microsoft ලොව වටිනාම සමාගම බවට පත් වෙයි

පසුගිය සිකුරාදා දින Apple සමාගමේ වෙළඳපොල අගය පසු කර යමින් Microsoft සමාගම ලොව වඩාත්ම වටිනාකමෙන් යුත් පොදු සමාගම (World’s most valuable public company) බවට පත් වුවා.

තම සැපයුම් දාමයේ බිඳ වැටීම් හේතුවෙන් (ලෝක chip හිඟය නිසා) ඇ.ඩො. බිලියන 6ක පාඩුවක් සිදු වූ බව Apple සමාගම වාර්තා කළ අතර පසුගිය අඟහරුවාදා දින Office, Windows හා Azure Cloud සේවා මගින් ඉහල ගිය අදායම් වාර්තා Microsoft සමාගම හෙළිදරව් කළා.

Hardware devices වෙළඳාම මුළුමනින්ම පාහේ අසාර්ථක වුවත් තම software platform එක භාවිතයෙන් පමණක් Microsoft සමාගම නැවත නගාසිටුවීමේ ගෞරවය හිමි වන්නේ එහි නව CEO සත්‍යා නඩේල්ලාටයි. Image: Bloomberg

පසුගිය සිකුරාදා දින කොටස් වෙළඳපොල අවසන් වන විට Microsoft හි market cap එක ඇ.ඩො. ට්‍රිලියන 2.49ක් වූ අතර Apple සමාගමේ එය ට්‍රිලියන 2.46ක් වී තිබුණා. එනම් මෙය (ට්‍රිලියන වලින්) ඉතා විශාල පරතරයක් නොවන අතර කොටස් වෙළඳපොල හැසිරීම මත මෙම සමාගම් දෙක කරට කර සිටින බව දැකිය හැකි වනවා.

මෙම අගයන් අපට තේරෙන ලෙසට ගතහොත් ශ්‍රී ලංකාවේ මුළු විදෙස් ණය ප්‍රමාණය 2020 අග භාගය වන විට පැවතුනේ ඇ.ඩො. බිලියන 49.2 ක් ලෙසයි. දැන්, Microsoft සමාගමේ වෙළඳපොල වටිනාකම ඇ.ඩො. බිලියන 2490 ක්.

කෙසේ වුවත් 2010 දී Apple අභිබවා යාමෙන් පසු නැවත වරක් එය කිරීමට Microsoft සමාගමට හැකි වුයේ 2018 සහ 2020 යන වසරවල් වලදියි. එසේම Google මව් සමාගම වන Alphabet සමාගමත් 2016 වසරේදී Apple සමාගම අභිබවා ගියා.

Apple CEO Time Cook නවතම Apple දුරකථනය එළි දක්වමින්. Apple සමාගමේ මුළු අදායමෙන් අඩක්ම පාහේ iPhone වෙළඳාමෙන් ලැබෙන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. Image: Techxmedia

කරුණු එසේ වුවත් 2018දී ඇ.ඩො. ට්‍රිලියන 1ක වෙළඳපොල වටිනාකමක් (market cap) හිමි කරගැනීමටත් එයට පසු 2020දී එය ට්‍රිලියන 2කට ගෙනෙමින් එවන අගයන් ලබා ගත් පළමුවන ඇමෙරිකානු සමගම බවට පත්වීමට Apple සමාගමට හැකි වුවා. iPhone හි නොනවතින සාර්ථකත්වය නිසා මෙම තානාන්තර ළඟදීම වෙනස් වීමට බොහෝ ඉඩකඩ තිබෙන බව අවසානයේ මතක් කළ යුතුයි.

Source: TheVerge