Loading...
Mobitel වෙබ් අඩවිය හරහා eSIM ලබා ගැනීමේ පහසුකම ලබා ​දේ

ඔබ මේ වන විටත් දන්නා පරිදි Dialog, Hutch සහ SLTMobitel සමාගම් විසින් eSIM පහසුකම් ලබා දෙනු ලබනවා. ඒ අනුව ඔබට Dialog සහ Hutch eSIM එකක් ඔවුන්ගේ වෙබ්අඩවි ඔස්සේ මාර්ගගතව මිලදී හෝ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත් SLTMobitel සමාගමේ Mobitel eSIM මීට පෙර ලබා ගත හැකි වුයේ ඔවුන්ගේ ශාඛාවක් සඳහා පිවිසීමෙන් පමණයි. දැන් දින කිහිපයක සිට SLTMobitel සමාගම විසින් ඔවුන්ගේ වෙබ්අඩවිය ඔස්සේ නව Mobitel eSIM මිලදී ගැනීමට හෝ තිබෙන Mobitel SIM eSIM බවට පත් කර ගැනීමේ හැකියාවත් ලබා දී තිබෙනවා.

නව eSIM මිලදී ගැනීම සඳහා ඔබගේ හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ ඉදිරිපස සහ පසුපස ඡායාරුපයන් සහ ඔබගේ Selfie ඡායාරුපයක් අවශ්‍ය වනු ලබනවා. එමෙන්ම මේ වන විට මෙලෙස මිලදී ගත හැකි වන්නේ පෙර ගෙවුම් සම්බන්ධතා පමණයි.

මෙලෙස මිලදී ගන්නා නව හෝ ලබා ගන්නා eSIM එක ඔබට QR Code එකක් ඔස්සේ ඔවුන් eMail ඔස්සේ ලබා දෙන අතර ඒ ඔස්සේ ඔබටම ඔබගේ eSIM එක දුරකථනයට ලබා ගත හැකියි.