Loading...
Offline පහසුකම සමඟින් translate සේවාවක් Firefox වෙති​න්

Mozilla විසින් Firefox Translations නමින් නව ඇඩෝනයක් (add-on) හදුන්වා දීමට කටයුතු කරයි (extensionයක් ලෙස). මෙය පරිවර්තන සඳහා සකසා ඇති නමුත් හොදම කොටස නම් එය offline භාවිතා කිරීමට හැකි වීමයි. මෙම මෙවලම් local computer වශයෙන් ක්‍රියාකරන අතර cloud server මත රදා නොපවතී.

Firefox Translations යනු University of Edinburgh, the Charles University, the University of Sheffield සහ the University of Tartu යන විශ්වවිද්‍යාල ඇතුළත් වන EU හි Bergamot ව්‍යාපෘතියෙ හි කොටසකි. මෙම pluginය ස්නායුක යන්ත්‍ර පරිවර්තන (neural machine translation) මෙවලම් මත පදනම් වේ. එමඟින් දත්ත පිටත දත්ත මධ්‍යස්ථාන (data centers) වෙත යැවීමක් නොකරන අතර ඒ වෙනුවට අවශ්‍ය ආදානය පරිවර්තනය කිරීම සදහා එයා භාවිතා කරන පුද්ගලයාගේ පරිගණකය භාවිතා කරයි.

ලබා දී ඇති භාෂාවක් පරිවර්තනය කිරීමේදී මෙවලම විසින් මුලින්ම resources file කිහිපයක් download කරන නමුත් එය cloud පරිඝණකයක් වෙත යැවීමෙන් තොරව මූලික වශයෙන් සම්පූර්ණ ක්‍රියාවලිය සිදු කරනු ඇතැයි පැවසේ.

මෙමගින් සමස්ත ක්‍රියාවලියම පුද්ගලික සහ ආරක්ෂිත කරන අතර තුන්වන පාර්ශ්ව දත්ත මධ්‍යස්ථානක (third-party data centers) ඇති අන්තර්ගතයකට ප්‍රවේශ වීමකින් තොරව පරිවර්තන කිරීමට හැකියාව ඇත. එය බොහෝ විට වැදගත් සහ තොරතුරු ආරක්ෂා කර ගැනීම සදහා පුද්ගලික විය හැක.

Firefox Translations දැනට සහය දක්වන්නේ ස්පාඤ්ඤ, බල්ගේරියානු, චෙක්, එස්තෝනියානු, ජර්මන්, අයිස්ලන්ත, ඉතාලි, නෝර්වීජියානු බොක්මාල් සහ නයිනෝර්ස්ක්, පර්සියානු, පෘතුගීසි සහ රුසියානු යන භාෂා 12 කට පමණි. මෙය එහි ඇති අඩුපාඩුවක් විය හැකි අතර Google Translate හා සසඳන විට එය බෙහෙවින් අඩු මට්ටමක පැවතේ.

එහෙත්, තවත් භාෂා සඳහා ඉක්මනින් සහය වීමට මෙය වැඩිදියුණු කරන බව පැවසේ. ඒ සදහා Mozilla විසින් “උද්යෝගිමත් අයට පහසුවෙන් නව මාදිලි එකතු කිරීමට ඉඩ සලසන comprehensive training pipeline (විස්තීරණ පුහුණු නල මාර්ගයක්) ද හඳුන්වා දී ඇත.

Firefox Translations ය දැන් Firefox Add-on Store හි ඇති අතර පහසුවෙන් install කළ හැකිය. සමාගම පරිශීලක feedback ලබා ගැනීමට ද අදහස් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇඩෝනයේ (Add-on) ඇති සමීක්ෂණයක් පුරවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Source: Beebom