Loading...
MS Office වෙනුවට තියෙන alternatives මොනවද?

පරිගනකයක් භාවිතා කරන ලොකු පොඩි හැමෝටම අත්‍යවශ්‍ය වෙන, පරිගනකයක තිබිය යුතු වැදගත්ම Application software එකක් විදිහට office package එකක් හඳුන්වල දෙන්න පුලුවන්. Word processing, data base management, spreadsheets, presentation වගේ වැදගත් සේවා රාශියක් කරගන්න පුලුවන් මේ software එක නොමැති පරිගනකයක් හොයාගන්නවත් නැති තරම්. ඒ තරමටම වර්තමානයේ ඉතා ප්‍රයෝජනවත්.

වර්තමානයේ භාවිතා වන office packages අතුරින් අංක එකටසුලභව දැකිය ඇකි මෘදුකාංගයක් විදිහට MicrosoftOffice හඳුන්වලා දෙන්න පුලුවන්. Microsoft සමාගමේ නිර්මාණයක් වන මෙය අද ව්න විට ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් ඉතා බහුල ලෙස භාවිතා වීමට හේතු ගොඩක් තියෙනව.

ඉතින් මේ software එක පාවිච්චි කරන්න නම් අපිට license එකක්, එහෙමත් නැත්නම් බලපත්‍රයක් මිලදී ගන්න වෙනව. නොමිලේ පාවිච්චි කරන්න මුලදි අපිට දවස් තිහක කාලයක් ලැබුනත්. ඊට පස්සෙ අපිට සිද්ද වෙනව serial number එකක් ලබාගන්න. ඒකට අපිට සිද්ද වෙනව මයික්‍රොසොෆ්ට් සමාගමට අන්තර්ජාලය හරහා ගෙවීමක් කරන්න.

ඉතින් මෙන්න මේ කාරණය සම්බන්ධව ලංකාවෙ තියෙන තත්වය ගැන කතා කරද්දි, ලංකාවෙ බහුතරයක්ම භාවිතා කරන්නෙ cracked versions. වෙනත් විදිහකට කියනවනම් හොර software. මේ විදිහට හොර software පාවිච්චි කරද්දි ගොඩක් ගැටලු මතුවෙන්න පුලුවන්.

ඉතින් මේ විදිහට හොර software පාවිච්චි කරල රිස්ක් එකක් ගන්නවට වඩා අපිට පුලුවන් පහලින් තියෙන free office package software එකක් පාවිච්චි කරල අපේ අවශ්‍යතාවය සපුරා ගන්න.

LibreOffice

LibreOffice කියන්නෙ මේ ලිස්ට් එකේ උඩින්ම තියන්න පුලුවන් software එකක්. මේක develop කරල තියෙන්නෙ The Document Foundation කියන ආයතනයෙන්. Windows, MacOS, Linux කියන operating systems හැම එකකටම මේ ඔෆිස් පැකේජ් එක support කරනව. ඒ වගේම ඔයාට coding ගැන දැනුමක් තියෙනවනම්, ඔයාටත් පුලුවන් මේක develop කරන community එකට join වෙන්න. ඒ වගේම ඒ community එකෙන් ඔයාට නිරන්තරයෙන්ම software එකේ bugs remove කරල අලුත් improvements එක්ක updates එවනව.

ඉතින් මේ software එක ගැන කතා කරද්දි ඔයාට ලැබෙන්නෙ classic MS Office experience එකක්. භාවිතයට හරිම ලේසියී සහ පහසුයි. ගොඩක් සංකීර්ණ නැති සරල නිමාවක් තියෙන office packagesoftware එකක්විදිහට LibreOffice හඳුන්වල දෙන්න පුලුවන්.

WPS Office

WPS Office කියන්නෙ Kingsoft සමාගම අතින් develop වුනු office package software එකක්. Windows, MacOS, Linux වගේම Android, iOSකියන platforms වලත් මේක පාවිච්චි කරන්න පුලුවන් වීම විශේෂත්වයක්.

ඉතින් මේක ගත්තම ප්‍රධාන වශයෙන් versions දෙකක් තියෙනව. ඒ Personal basic version සහ Fully featured professional-grade version එකක් හැටියට. Personal basic version එක සම්පූර්ණ්යෙන්ම නොමිලේ download කරන්න් පුලුවන්. professional-grade version එකට නම් subscription fee  එකක් ගෙවන්න ඕනේ.

අවසාන වශයෙන් ගත්තම WPS Office package එකWPS Writer, WPS Presentation, සහWPS Spreadsheet කියන ප්‍රධාන අංග තුනකින් සමන්විත වෙනවා. ඒ වගේම WPS Office user ට modern MS Office experience එකක් ලැබෙන විදිහටයි මේකේ User interface එක design වෙලා තියෙන්නෙ

Apache OpenOffice

Apache Software Foundation ආයතනයේ නිර්මාණයක්වෙනමේ Apache Open Office project එක Windows, MacOS, සහ Linux කියන operating systems හැම එකකටම support කරන office package එකක් විදිහට හඳුන්වා දෙන්න පුලුවන්. අනිත් බොහෝමයක් open source office software එකක වගේම මේකෙත් default file format එක වෙන්නෙ open document format එක. ඕනෑම office package එකකට පොදු featuresවෙන word processing, spread sheet, presentation  වලට අමතරව drawing, formula editor සහ database management ව්ගේ featuresමේකේ ඇතුලත් වෙලා තියෙන එක විශේශත්වයක්

Office365 Online

ලෝකයේ තියෙන ප්‍රමුඛතම cloud based office suite එකක් විදිහට Office 365 Online හඳුන්වා දෙන්න පුලුවන්. 2011 වසරේදී නිකුත් කෙරුණු මේ service එක Microsoft සමාගමේ නිර්මාණයක්. Offline version එකේ වගේම MS Word, Excel, Power Pointවගේ services පාවිච්චි කරන්න පුලුවන්. ඒත් වෙනසකට තියෙන්නෙ මේ සියල්ලම browser based සහ කිසිම cost එකක් නැතුව ඔයාට පාවිච්චි කරන්න පුලුවන්  වෙන එක. අවශ්‍ය වෙන්නෙ Microsoft account එකක් විතරයි. ඒ වගේමWindows, MacOS, iOS, Android වගේ හැම operating system එකකම පහසුවෙන් වැඩ කරන්නත් පුලුවන්.

iWork

MacOS, iOS පාවිච්චි කරන අයට MS Office වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් හොඳම ආදේශකයක් විදිහට iWork හඳුන්වල දෙන්න පුලුවන්. MS Word, Power point, Excel වලට ආදේශක විදිහටපිලිවෙලින් Pages, Keynote සහ Numbers විදිහට තමා මේ package එක user ට ලැබෙන්නෙ. Document එකක් professional විදිහට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් හදා ගන්න පුලුවන් වෙන ආකාරයට user interface  එකක් design කරල තියෙන එක විශේශත්වයක් වෙන නිසා මේ office package එක MS Office වෙනුවට alternative එකක් විදිහටApple users ල තෝරගන්න ලොකු හේතුවක් වෙලා තියෙනව.

ඉතින් මෙන්න මේ විදිහට අපිට පැහැදිලි වෙනව Microsoft Office වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් alternative softwares මොනවද කියල. මේ ටිකට අමතරව ඔයාලා දන්න ඒව තියෙනව නම් ඒව කමෙන්ට් සෙක්ශන් එකේ mention කරන්නත් අමතක කරන්න එපා.