Loading...
MacBook එකක අනිවාර්‍යෙන්ම තියෙන්න ඕන Apps - 01

Apple Mac Computers කියන්නේ ලොකේ ප්‍රසිද්ධම පරිගණක මාදිලියක්. කොටින්ම කියනවා නම් තනි මාදිලියක් විදියට ගත්තම ලොකේ ප්‍රසිද්ධම පරිගණකය කීවොත් හරි. ඉතිං ගොඩක් දෙනෙක් Mac Computers හා MacOS Operating System එක use කරනවා නැත්තන් ඔයා Mac එකක් ගන්න හිතන් ඉන්න පුලුවන් , ඒ හැමෝටම Mac User Experience එක තවත් වැඩි දියුනු වෙන්න පාවිච්චි කරන්න පුලුවන් හොද Apps ටිකක් ගැනයි අද කතා කරන්නේ. මීටත් වඩා Apps අරන් දෙවනි දිගහැරුමත් ලගදිම ඔයාලට ගෙන්නම්කෝ.

Pock For Mac | Price - Free

Pock කියන්නේ ඔයාගේ Touch Bar එකක් තියන Macbook එකට වටිනම App එකක් මෙකෙන් ඔයාලට MacOS Dock එක ඔයාලගේ Touch Bar එකට ගන්න පුලුවන්. ඉතිං මෙකෙන් වාසි කීපයක් තියෙනවා මේ App එක යොදාගෙන ඔයාලගේ Dock එක Touch Bar එකට අරන් Original Dock එක Auto Hide වෙන්න දෙන්න පුලුවන් මෙකෙන් ඔයාලට ලොකු Screen Working Space එකක් හම්බෙනවා මොකද Dock එකට ඉඩක් යන්නේ නැති නිසා.

Download Link - https://pock.dev

OneSwitch For Mac | Price - $4.99

One Switch කියන්නේ මට නම් නැතුවම බැරි App එකක් , මේක හරියටම iOS Control Center එකක් Mac එකට Add කරා වගේ. මේ App එක ඉන්නෙ Menu Bar එකෙ. ඉතිං මේ icon එක click කරාම ඔයාලට on / off switch ගොඩක් පෙන්නනවා. මෙවගෙන් එක එක ගොඩක් වැදගත් වැඩ ලෙසියෙන් කරගන්න පුලුවන්. හරියට DarkMode On Off කරන්න , Airpods නැත්තන් Bluetooth Headset එකක් Connect කරන්න , Keep Awake - Mac එක Sleep වෙන්න නොදී තියාගන්න, Screen Saver එක on කරන්න , Screen Clean Mode , Keyboard Lock , Trash Bin Clean , Desktop icons Hide කරන්න , True Tone on off කරන්න වගේ ගොඩක් වැඩ කරන්න පුලුවන් එක තැනකින් . ඉතිං මේ සමහර වැඩ වලට Settings වල අස්සේ ගොඩක් කාලේ ගත කරන්න ඔනේ වැඩ එක click එකකින් කරගන්න පුලුවන් ඒ වගේම සමහර වැඩ එහෙම කරගන්නත් බෑ. ඉතිං ඔයාලටත් මේ App එක නැතිවම බැරි Apo එකක් වෙනවා නොඅනුමානයි.

Download Link - https://fireball.studio/oneswitch/

iina Player | Price - Free

iina කියන්නේ MacOS එකකට තියෙන හොදම Media Player එක කීවොත් හරි. vlc නැත්තන් quick time player එකට වඩා ගොඩක් Features තියන ලොකු හැකියාවක් තියෙන සම්පුර්ණයෙන් free player එකක් තමා මේ iina , මෙකට picture in picture mode එකක් , Dark Mode integration , TouchBar Support , subtitle download mode එකක් වගේම gesture control system එකකුත් ඇතුලත්. ඒ වගේම ඔනෙම video format එකක් කිසිම ප්‍රශ්නයක් නැතිව use කරන්න පුලුවන්.

Download Link - https://iina.io

DropOver For Mac | Price - $3.99

DropOver කියන්නෙත් use කරනකන් ඔනේ වෙයි කියලා හිතන්නේ නැති ඒත් use කරනකොට නැතුවම බැරි app එකක්. මෙක management app එකක් කීවොත් වැරදි නෑ , හිතන්න ඔයාට මොකක් හරි file එකක් හරි කීපයක් හරි move කරන්න copy කරන්න ඔනේ කියලා ඔයාලා window 2 ක් Open කරලා copy paste හරි drag drop හරි කරන්න ඔනේනේ ඉතිං මෙකට screen එකේ ගොඩක් ඉඩ යනවා අනික ලොකු වැඩක් කරනවා නම් windows කීපයක් open කරන් එකින් එකට මාරු වෙන්න ඔනේ මේක හරි වදයක් ඉතිං DropOver එකෙන් කරන්නේ හරිම simple sweet දෙයක් ; ඔයාට ඔනෙම file එකක් drop කරන්න තාවකාලික area එකක් දෙනවා. මේ Drop Zone Area ඔනේ තරම් ඔයාට open කරන්න පුලුවන් ඒ වගේම මෙ Zone එකක් open වෙන්න කරන්න ඔනේ mouse curser එක shake කරන එක විතරයි. ඉතිං මේ App එක කියනකොට ලොකු දෙයක් නෙවේ වගේ උනාට use කරනකොට නැතුවම බැරි වෙන App එකක්.

Download Link - https://dropoverapp.com

Padbury Clock For Mac | Price - Free

Padbury Clock කියන්නේ App එකක්ම නම් නෙවේ ඒත් Mac Screen Server එකක්. ගොඩක් ලස්සන වගේම minimal screen server එකක් මෙකෙන් ඔයාගේ Mac එක Screen Saver Mode එකට වැටුනම ලස්සන Clock එකක් පෙන්නනවා full screen එකේම. මෙක අපිට ඔනේ විදියට customize කරගන්න පුලුවන් , seconds පෙන්නන නැත්තන් black ද white ද විදියට වගේ ගොඩක් ක්‍රම තියෙනවා . ඔයාලත් මං වගේ Mac Desk Setup එකකට target කරනවා නම් හරිම ලස්සන addition එකක් වෙයි මේ screen server එකත්.

Download Link - https://padbury.app