NASA වෙතින් අඟහරු වෙත යැවුනු Ingenuity හෙලිකොප්ටර් එක පසුගිය සඳුදා දින (19/04/2021) සාර්ථකව ගුවන්ගත කිරීමට සමත් වූවා. මෙම පියා සැරිය පරීක්ෂණ පියාසැරියක් වූ අතර එහිදී මීටර් තුනක ඉහළකට එසවීම සිදු වුනා. මෙම අත් හදා බැලීමේ පියාසැරි වාරයේදී ඉහළට එසැවුණු Ingenuity විසින් ලබා ගත දත්ත සහ ඡායාරූපයන් පෘථිවියට එවීමද සිදු කරනු ලැබුවා.
Jet Propulsion Laboratoryහි සේවය කරන ඉජිනේරුවෙකු විසින් මේ පිලිබඳව ප්‍රකාශ කර ඇත්තේ Altimeter හරහා Ingenuity විසින් එවන ලද දත්ත වලින්, පෘථුවිය විසින් වෙනත් ග්‍රහලෝකයක ප්‍රථම වරට කරන ගුවන් පියාසැරිය සිදු කරනු ලැබූ බවයි.
"Altimeter data confirms that Ingenuity has performed its first flight - the first flight of a powered aircraft on another planet,"
මීට අමතරව Perseverance rover එක හරහා එවන ලද කුඩා වීඩියෝ ක්ලිප් එකක් මඟින් Ingenuity යානය අඟහරු මත මීටර් තුනක උඩකට පියාසර කර නැවත අඟහරු මතට ගොඩ බෑම නැරඹීමට හැකියාව ඇත. මීට අමතරව Ingenuity හරහා එය පියාසැරිය ආරම්භ කරන විට එවන ලද ඡායාරූප හරහා අඟහරු මතට එහි සෙවනැල්ල වැටී ඇති ආකාරය පෙනී යන අතර තවමත් Ingenuity හරහා ලැබී ඇත්තේ කළු සුදු ඡායා රූප පමණි
මේ පියාසැරියෙන් අනතුරුව, මෙමම් ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු ලෙස කටයුතු කරන MiMi Aung විසින් ප්‍රකාශ කර ඇත්තේ "මිනිසා විසින් වෙනත් ග්‍රහලෝකයක rotorcraft එකක් පියාසැරි කල බව අපට දැන් පැවසිය හැකියි" ලෙසිනි.
"We can now say that human beings have flown a rotorcraft on another planet!"
"We've been talking for so long about our Wright brothers moment. And here it is."
— NASA (@NASA) April 19, 2021
MiMi Aung, #MarsHelicopter Project Manager, takes a moment to thank the @NASAJPL team following the news of the successful Ingenuity test flight: pic.twitter.com/qeoQnOdXiK
එම ප්‍රකාශයට අමතරව ඇය විසින් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දිගු කාලයක් පුරාවට අප විසින් රයිට් සහෝදරයන්ගේ අඟහරු මත පියාසැරියක් සිදු කිරීම පිළිබදව කතා කල අතර, මේ තියෙන්නේ ඒ අවස්ථාව යනුවෙනි.
"We've been talking so long about our Wright brothers' moment on Mars, and here it is,"
ලොව ප්‍රථම ගුවන් පියාසැරිය 1903දී Kitty Hawk, North Carolina ප්‍රදේශයේදී රයිට් සහෝදරයන් විසින් සිදුකල අතර, එම ගුවන් යානයේ කුඩා කොටස Ingenuity හි ඇතුලත් කර ඇත්තේ ඔවුන්ට කරන ලද ගෞරවයක් වශයෙනි.
Source: CNN