Loading...
Netflix විසින් Android සඳහා Sleep Timer ලෙස නව විශේෂාංගයක් පරීක්ෂා කිරීමට කටයුතු කරයි

ජනප්‍රිය streaming service එකක් වන Netflix ආයතනය විසින් ඔවුන්ගේ Android පරිශිලකයන් සදහා Sleep Timer ලෙස නව විශේෂාංගයක් අත්හදා බලන බව ඊයේ දිනයේ නිවේදනය කරනු ලැබුවා.

මෙම නව විශේෂාංගය මගින් නියමිත කාල පරතර හතරකට (මිනිත්තු 15, මිනිත්තු 30, මිනිත්තු 45 හෝ ඔබ නරබමින් සිටින චිත්‍රපටයේ අවසාන වේලාව) අනුව ඔබ නරබමින් සිටින චිත්‍රපටය නැවැත්වීමට හැකියාව ලැබෙනවා.

මෙම නව විශේෂාංගය සක්‍රිය කිරීම සදහා පරිශීලකයන්ට තම තිරයේ ඉහළ දකුණු කොටසේ ඉහත සදහන් කළ කාල පරතර හතර ඇතුලත් නව ඔරලෝසුවක් නිරූපනය වන අතර ඔබ තෝරාගත් කාල පරතර අවසානයේ ඔබ තවමත් අවදියෙන් සිටියහොත් එම වේලාව snooze කිරීමටද ඔබට අවස්ථාව ලැබෙනවා.

නව Sleep Timer විශේෂාංගය | Source: The Verge

මෙම විශේෂාංගය දැනට Android පරිශීලකයන්ගේ adult profiles වලට පමණක් ලබා දී ඇති අතර Netflix ආයතනය පවසන්නේ මෙම විශේෂාංගය පරීක්‍ෂා කිරීමෙන් පසුව පරිශීලකයින්ගේ ප්‍රතිචාර මත පදනම්ව Smart TV, Desktops ඇතුලු තවත් platforms ගණනාවකට මෙම විශේෂාංගය ගෙන ඒමට අදහස් කරන බවයි.

මෙම විශේෂාංගය ඇපල් නිෂ්පාදන වෙත ව්‍යාප්ත කිරීමේ සැලසුම් පිලිබදව Netflix ආයතනය අදහස් ප්‍රකාශ කර නොමැති නිසා iOS හෝ Mac උපාංග වෙත මෙම විශේෂාංගය පැමිණෙන්නේ කවදාද යන්න පැහැදිලි නැත.

Source: The Verge