Loading...
ඔබේ දුරකථනයට නව Emoji 20 ක්

The Unicode Consortium Unicode 14.0 නමින් අන්තිමටම අලුත් emoji released කරේ මීට අවුරුද්දකට කලි​නි. දැන් Unicode update එකක් වශයෙන් version 15.0 released කිරීමට සූදානම් වෙන​වා. එයට අලුත් emoji 20ක් ද ඇතුලත් වේ.

Light Blue සහ grey පැහැති heart එකක් සමඟ වසර ගණනාවක් තිස්සේ බොහෝ දෙනා ඉල්ලා සිටි pink heart Emoji යක් ද ලබා දී ඇත. අනෙක් Emoji සදහා Arms pushing left and right ,trembling face, maracas , moose , donkey සහ Wi-Fi සංකේතයක්ද එහි ඇතුළත් වේ. තවද Unicode-recommended emoji එකතුව දැන් 3,664 දක්වා ඉහළ ගොස් ඇත.

ඔබට දැන්​ම මෙම නව emoji භාවිත කිරීමට නොහැකි වනු ඇත. ඒ සඳ​හා ඔබගේ device එකට නව updates ලැබෙන තෙක් ඔබට බලා සිටිය යුතු වේ. Android 13 සහ iOS 16 සඳහා updated නව emoji සඳහා සහය දක්වමින් ඉදිරි මාස කිහිපය තුළ නකුත් වීමට නියමිතයි.

ඒවා සියල්ලම ඉක්මනින් Android වෙත පැමිණෙන බව Google විසින් තහවුරු කර ඇති අතර, ඒවා ලබන වසරේ මුලදී Android devices හරහා ලබා ගත හැකි වනු ඇත. ඒ හා සමානව, WhatsApp වැනි apps සදහා​ද සහය දක්වනු ඇත.

එතෙක්, ඔබට එම Emoji සඳහා Unicode symbols copy and paste කළ හැකිය, නමුත් type කරන අවස්ථාව වන විට, ඔබට ඕනෑම උපාංගයක කළු/සුදු චතුරස්‍රයකට වඩා දැකිය නොහැක.

Sources: Emojipedia