Nothing Smartphone සමාගමේ නිර්මාතෘ Carl Pei මහතා විසින් නිකුත් කරන ලද නවතම ප්‍රකාශයකට අනුව මේ වසරේ සිට ඔවුන්ගේ Smartphone මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව දක්වන්න පුලුවන්. ලොව පුරා පවතින RAM හිඟය මෙයට ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්ත වනවා. කෘත්‍රිම බුද්ධිය (AI) සහිත මෙවලම් දියුණු කිරීම සඳහා RAM යොදා ගැනිම සමඟින් මේ වන විටත් වෙළඳපොළේ RAM සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
දුරකථන නිෂ්පාදකයින්ට මේ නිසා සිදු වී ඇත්තෙ Specs අඩු කිරීමට හෝ මිල ඉහළ දැමීමටයි. කෙසේ වෙතත් Nothing සමාගම සිය ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
— Carl Pei (@getpeid) January 14, 2026
මිල ඉහළ ගියද Nothing සමාගම සිය ඉදිරි දුරකථන මාදිලිවලට (විශේෂයෙන්ම A-series) UFS 3.1 storage වැනි දියුණු විශේෂාංග ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම සමහර Smartphoneවල මිල ගණන් 30% කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවට Carl Pei අනාවැකි පළ කර තිබෙනවා. 2026 වසරදී Specs race එක අවසන් වනු ඇති වන අතර, පාරිභෝගිකයින් දැන් හුදෙක් Specs දෙස බැලීම වෙනුවට දුරකථනයේ සමස්ත අත්දැකීම දෙස බැලිය යුතු බවයි ඔහුගේ මතය.
Source: 9to5google.com








