Loading...
Apps නැති ලොවක් කරා Nothing සමාගම මීළඟ පියවර තබයි

අද වන විට අපගේ Smartphone අත්දැකීම සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ විවිධ කාර්යයන් සඳහා වෙන් වූ Apps මඟිනි. නමුත් අනාගතයේදී මෙම Apps සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී, ඒ වෙනුවට කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් ක්‍රියාත්මක වන ඒකාබද්ධ අත්දැකීමක් නිර්මාණය වනු ඇති බවට Nothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Carl Pei මහතා අනාවැකි පළ කරනු ලබනවා.

Apps වෙනුවට AI සහායකයින්

වර්තමානයේ අපට ආහාර ඇණවුම් කිරීමට එක් App එකක් ද, කුලී රථයක් ලබා ගැනිමට තවත් App එකක් ද භාවිතා කිරීමට සිදු වනවා. නමුත් Carl Pei පවසන්නේ අනාගතයේදී පාරිභෝගිකයාට මෙලෙස විවිධ Apps අතර සැරිසැරීමට අවශ්‍ය නොවන බවයි. ඒ අනුව,

  • Single Interface: පරිශීලකයාට අවශ්‍ය වන්නේ කුමක්දැයි තේරුම් ගත හැකි දියුණු AI සහායකයෙකු දුරකථනයේ Operating System (OS) මට්ටමින්ම ක්‍රියාත්මක වනු ඇත.
  • ක්‍රියාවලිය: ඔබ "මට හෙට උදේට කොළඹට යන්න ටැක්සි එකක් බුක් කරන්න" යැයි පැවසූ විට, AI සහායකයා පසුබිමේ සිට අදාළ සේවාවන් සමඟ සම්බන්ධ වී එම කාර්යය ඉටු කරනු ඇත. එහිදී ඔබට කුමන ඇප් එකක් භාවිතා කරන්නේද යන්න වැදගත් නොවේ.
  • Intent based UI: මෙය "Intent based UI" ලෙස සරලව හැඳින්විය හැකි අතර, එහිදී දුරකථනය පරිශීලකයාගේ අවශ්‍යතාවය අනුව ස්වයංක්‍රීයව වෙනස් වනවා.

Nothing OS සහ අනාගත සැලසුම්

Nothing සමාගම මේ වන විටත් සිය Nothing OS පද්ධතිය හරහා මෙම වෙනස සඳහා අඩිතාලම දමමින් සිටින බව ඔහු විසින් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

  1. අඩු අවධානයක්, වැඩි වැඩක්: පරිශීලකයා Apps තුළ සිරවී සිටින කාලය අවම කර, ඔවුන්ට අවශ්‍ය දේ ක්ෂණිකව ලබා දීම ඔවුන්ගේ අරමුණයි.
  2. Widgets වල දියුණුව: Nothing දුරකථනවල ඇති සුවිශේෂී Widgets හරහා App එකක් ඇතුළට නොගොස් බොහෝ දේ කිරීමට දැනටමත් අවස්ථාව සලසා දී ඇත. මෙය Apps රහිත අනාගතයකට යන ගමනේ මුල් අවධියකි.
  3. අභියෝග: බොහෝ සමාගම් සිය Apps හරහා වෙළඳ දැන්වීම් පෙන්වා ආදායම් උපයන බැවින්, මෙම Apps රහිත සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික මෙන්ම ආර්ථිකමය බාධාවන් ද පවතින බව ඔහු දක්වා තිබෙනවා.

මෙය සිදුවන්නේ කවදාද?

ඔහු විසින් පවසන්නේ මෙම වෙනස එක රැයකින් සිදු නොවන්නක් බවයි. නමුත් ඉදිරි වසර කිහිපය තුළ Smartphone නිෂ්පාදකයින් ක්‍රමයෙන් Apps මත යැපීම අඩු කර, වඩාත් ස්වභාවික සහ සරල AI අත්දැකීමක් ලබා දීමට උත්සාහ කරනු ඇති බව බලපොරොත්තු විය හැකි බවයි. මෙම සම්මුඛ සාකච්ඡාව අවසානයේ ඔහු සඳහන් කළේ, "අපි හදන්නේ තවත් එක් Smartphone එකක් නෙවෙයි, අපි හදන්නේ මිනිසුන් තාක්ෂණය සමඟ ගනුදෙනු කරන ආකාරය වෙනස් කරන අත්දැකීමක්" බවයි.

Source: 9to5google.com