Loading...
Nvidia සමාගම විසින් GeForce RTX 40 මාදිලීන් එලිදැක්වීම ඔක්තෝම්බ​ර් 12 වෙනි​දා

පරිඝණක ගැන උනන්දුවක් දක්වන සියලුම දෙනාට මෙන්ම පරිඝණක ක්‍රීඩා, Designing වලට උනන්දුවක් දක්වන සියලුම දෙනාට ඔක්තෝබර් 12 විශේෂ දිනයක් වනවා නොඅනුමානයි. හේතුව නම් NVIDIA සමාගම විසින් ඔවුන්ගේ නවතම NVIDIA GeForce RTX 40 series එක නිකුත් කිරීම එදිනට සිදුකරන්නාවූ නිසාවෙනි.

Graphics Card පිළිබඳව මෑත කාලයේදී ඉතාමත් ඉහල අන්දමේ ආන්දෝලනාත්මක සිදුවීම් පෙළකට මුහුණ දීමෙන් පසු පත්වූයේ අවසානයේදී තාවකාලිකව එවැනි ඉලෙක්ට්‍රොනික උපාංග මෙරටට ආනයනය කිරීම ද සිදුවුණ අවස්ථාවකයි. අධික මිල මෙන්ම භාණ්ඩ වල හිඟය ද මෙම ගැටලුව ඉතාමත් ඉහල තත්ත්වයකට ගෙන ඒමට හේතු වුණි.

එවැනි කරුණු රාශියක් අප වෙත එල්ලවන මොහොතේ වුවත් Graphic Card ලෝලීන්ට සුභදායක පණිවුඩයක් නිකුත් කරමින් පසුගිය දිනක මෙම නවතම මාදිලි පෙල නිකුත් කරන බව NVIDIA සමාගම නිවේදනය කළ අතර එය පෙර මාදිලි වලට වඩා වඩාත් ගුණාත්මක බවට එම සමාගම මෙන්ම විවිධ මාධය ද වාර්ථාකර තිබුණි.

Credit : NVIDIA Official Youtube Channel

මෙම මාදිලි වල ක්‍රියාකාරීත්වය කෙසේ ද?

NVIDIA සමාගම සඳහන් කරනු ලබන ආකාරයට මෙම නව මාදිලි පෙළෙහි RTX-4080 සහ RTX-4090 යන GPU වර්ග දෙකම එදිනට නිකුත් කෙරේ. මෙම මාදිලි දෙකම AI ක්‍රියාකාරීත්වයෙන් බලගැන්වෙන අතරම විශේෂත්වය වන්නේ මෙය ඉතාමත් කාර්‍යක්ෂම NVIDIA Ada Lovelace නිර්මාණකරණයට අනුව සකසා තිබීමයි.

මේ ආකාරයෙන් බලගැන්වෙන මෙම මාදිලි වලින් ඔවුන් පවසන ආකාරයට ඉතාමත් හොඳ Virtual World අත්දැකීමක්, Ultra-high FPS Gaming මෙන්ම අඩු ප්‍රමාද කාලයක් (Low Latency) වැනි ඉතාමත් හොඳ පරිඝණක අත්දැකීමක් සමග විශාල ධාරිතාවයකින් යුත් කාර්යයන් ප්‍රමාණයක් ඉතාමත් කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කර ඇත.

පහත දැක්වෙන්නේ පෙර පැවති RTX මාදිලි සමග නව RTX 4090 සහ 4080 මාදිලි වල ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරන ප්‍රස්තාරගත සටහනක් වේ.

RTX 4080 සහ RTX 3080 මාදිලි අතර වෙනස
RTX 4090 සහ RTX 3090 Ti මාදිලි අතර වෙනස

මොකක්ද මේ Ray Tracing?

NVIDIA සමාගම විසින් සඳහන් කරනු ලබන ආකාරයට RTX 4080 සන 4090 මාදිලි සඳහා Ada Lovelace තාක්ෂණය භාවිතා කරන අතරම එමගින් පරිඝනක ක්‍රීඩා වල ආලෝකය සැබෑ ලෝකයේ හැසිරෙන ආකාරය අනුකරණය කරන Ray Tracing නොහොත් කිරණ ලුහුබැඳීමේ අත්දැකීම මෙමගින් ලබා දෙනු ලැබේ. මෙම මාදිලි සඳහා ඇති RT Cores මගින් එම අත්දැකීම පෙර නොවූ විරූ ආකාරයකින් අත්විඳිය හැකි බව නොනුමානයි. මෙම තාක්ෂණික පිම්ම පිළිබඳව ඔබ වෙත ඉදිරියේදී සවිස්තරාත්මකව ගෙන ඒමට බලාපොරොත්තු වන අතරම තවදුරටත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා මෙ​ම සබැඳිය වෙත පිවිසීම හෝ වීඩියෝ පටය නැරඹීමට ඔබට අවස්ථාව ඇත.

Credit : NVIDIA Official Youtube Channel

Latency අඩුවුනොත්?

පරිඝණක ක්‍රීඩා වල නිරතවන නැතිනම් Streaming Platform තුල ක්‍රීඩා කරන් බොහෝ ක්‍රීඩකයන් හට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ Latency  බව කිවහොත් මා වැරදි නැත. NVIDIA සමාගම පවසන ආකාරයට මෙම නිකුත් වන 40  series තුලින් පෙරටත් වඩා latency අවම මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙය ඉතාමත් හොඳ, කාලෝචිත පිම්මක් වන අතර පරිඝණක ක්‍රීඩා හිනිපෙත්තරම එන මෙම කාලය තුළ මෙවැනි තාක්ෂණික වෙනසකට ගමන් කිරීම ක්ෂේත්‍ර කිහිපයකටම වැදගත් වේ.

Credit : NVIDIA Official Youtube Channel

RTX 4090 සහ RTX 4080 Specifications

නිකුත් කර ඇති තොරතුරු අනුව RTX 4090 සඳහා 24GB GDDR6X memory අන්තර්ගත වේ. මෙය පෙර පැවති RTX 3090 Ti මාදිලිය මෙන් දෙගුණයක් හෝ සිව්ගුණයක් පමණ වේගවත් වන බව සඳහන් වේ. නමුත් මෙහි ශක්ති භාවිතය (Power Consumption) පෙර මාදිලි වල ප්‍රමාණයම පවත්වාගෙන යාමට සමාගම කටයුතු කර ඇත.

RTX 4080 සඳහා 12GB GDDR6X memory හෝ 16GB GDDR6X memory යන මාදිලි දෙකෙන් නිකුත් කරන අතර මෙයද පෙර පැවති RTX 3080 Ti මාදිලිය මෙන් දෙගුණයකට වඩා වේගවත් බව සඳහන් වේ.

මෙ​ම සබැඳිය ඔස්සේ ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අධ්‍යනය කළ හැක.

කෙසේ වෙතත් මෙම නව මාදිලි වන RTX 4080 සහ RTX 4090 ඔස්සේ පෙරට වඩා ඉතාමත් ඉහළ මට්ටමේ අත්දැකීමක් ලබාගැනීමට හැකියාව ඇති බව නොඅනුමානය. එමෙන්ම වෙනත් තාක්ෂණික වෙබ් අඩවි සඳහන් කරන ආකාරයට මෙම මාදිලි වර්තමාන වෙළඳපොළ තුල පවතින අනෙකුත් තරඟකාරී සමාගම් සඳහා ඉතාමත් හොඳ අභියෝගයක් වන අතර ඉදිරියේදී එමනිසා තවදුරටත් බලගැන්වූ GPU වෙළඳපොළ තුල දැකගැනීමට හැකිවන බව සඳහන් කරයි.

විවිධ මාධ්‍ය ඔස්සේ පළවන ආකාරයට RTX 4080 හි ආරම්භක මිල ලෙස සඳහන් වන්නේ ඩොලර් 899 ($899) සහ RTX 4090 හි ආරම්භක මිල වන්නේ ඩොලර් 1,599 ($1,599) කි. කෙසේවෙතත් සමාගම සඳහන් කරන්නේ ඔක්තෝබර් 12 මෙම මාදිලි දෙක එලිදැක්වුවද වෙළඳපොල වෙතට නිකුත් කරන්නේ නොවැම්බර් මස මුල් භාගයේ බවයි.

Sources: Nvidia The Verge CNET