NVIDIA සමාගම පසුගිය දිනෙකදී සිය NVIDIA Broadcast සඳහා නව සංස්කරණයන් කිහිපයක් හඳුන්වා දුන් අතර එයින් බොහෝ දෙනා අතර ප්‍රචලිත වූ කරුණ වන්නේ ඔවුන් විසින් ලබාදුන් Deepfake Eye Contact පහසුකමයි. AI තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙම පහසුකම මගින් ඔබ වෙනත් දිශාවකට ඇස් යොමුකර සිටියද එය සටහන් වන්නේ කැමරාව දෙස ඇස් යොමුකරගෙන සිටිනා අයුරින් ය.
NVIDIA Broadcast 1.4 සඳහා ලබා දී ඇති මෙම පහසුකම පිළිබඳව අදහස් දක්වමින් නිකුත් කර ඇති නිල සටහනෙහි සඳහන් කර ඇත්තේ මෙම පහසුකම මගින් Content Creators බහුතරයක් මුහුණ දෙනු ලබන ප්‍රශ්නයකට සාර්ථක පිළිතුරු සැපයෙන බවයි.
එනම් ඔවුන් තම නිර්මාණයක් සිදුකරන විට ඔවුන්ගේ Scripts හෝ Notes කියවීම සඳහා වෙනත් දිශාවකට අවධානය යොමු කිරීමේදී එය තරමක අපහසුතාවයක් මෙන්ම වීඩියෝගත වූ පසු එය නිර්මාණයේ ගුණාත්මකභාවය සඳහා බලපානු ලබන සාධකයක් වන බැවින් මෙම Eye Contact විසින් ඒ සියල්ල විසඳෙනු ඇති බවයි.
Introducing Eye Contact by NVIDIA 👀
— Jousef Murad (@Jousefm2) January 21, 2023
NVIDIA just released a new Eye Contact feature that uses AI to make you look into the camera. pic.twitter.com/3tiMEWtxxI
RTX 2060 හෝ ඊට ඉහළ ධාරිතාවයකින් යුත් NVIDIA GPU එකක් භාවිතා කරන්නේ නම් ඔබටද NVIDIA Broadcast හරහා මෙම Eye Contact පහසුකම අත්විඳීමට හැකියාව ඇත. NVIDIA භාවිතා කරනු ලබන පරිශීලකයන් හට NVIDIA Broadcast ඉතාමත් වැදගත් යෙදවුමක් වන අතර එමගින් Noice Removal, Echo Removal, Camera-centric පහසුකම, පසුබිම් වෙනස් කිරීමේ සහ ඉවත් කිරීමේ හැකියාව සහ Auto Frame යන පහසුකම් පවා ලබාගැනීමට අවස්ථාව ඇත.
එමෙන්ම NVIDIA සමාගම සඳහන් කරනු ලබන ආකාරයට ඉදිරියේදී Eye Colors සහ පසුබිමට සාපේක්ෂව ඇස් වල හැසිරීම සිදුවන ආකාරය පිළිබඳව තවදුරටත් වැඩිදුයුණු කිරීම් සිදුකිරීමට නියමිත බවයි. Gaming සහ Live Streaming සිදුකරන්නාවූ පරිශීලකයන් සඳහා මෙම පහසුකම ඉතාම වැදගත් වනු ඇති බවට ඔවුනගේ විශ්වාසයයි.

