Loading...
පැරණි CPU සහිත පරිගණක සඳහාත් Windows 11 install කිරීමට අවස්ථාව ලබාදීමට Microsoft සමාගම තීරණය කරයි, නමුත් updates නෑ

Microsoft ආයතනය මගින් මේ වනවිට windows 11 සඳහා සහය නොදක්වන පරිගණක වලටත් කිසිඳු බාධාවක් සිදු නොකරන බවට තොරතුරු අනාවරණය කර තිබෙනවා. වැඩිදුරටත් Microsoft ආයතනය සඳහන් කරන අකාරයට ඔබට windows 10 වල සිට 11 දක්වා upgrade කිරිමක් ලෙස ලබානොදිමට කටයුතු කරන අතර මෙයට විකල්පයක් වශයෙන් ඔබට අවදානමක් ඇතිව built-in Media Creation Tool එක ඔස්සේ windows 11 එකෙහි ISO එකක් මගින් ඔබගේ පරිගනකයට windows ස්ථාපනය කර භාවිත කිරීමේ හැකියාව පවතිනවා.

නමුත් මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තමයි මේ විදිහට ISO ආකාරයකින් Manual තමන්ගේ pc වලට මෙම windows 11 එක install කරත් ඔයාලගේ pc වලට ඉස්සරහට එන්න තියෙන windows updates, Security patch updates හා driver updates වගේ දෙවල් ලබාදෙන්න Microsoft ආයතනක කටයුතු කරන්නේ නැහැ.ඒ නිසාම තමයි ඔබගේ පරන cpu සඳහා windows 11 install කිරිමේ දී අවදානමක් ඇතිවෙන්නේ. කෙසේ වෙතත් ඔබ තවමත් windows 10 භාවිතා කරන්නේ නම් මේ සඳහා ලබාදෙන සහය 2025 වර්ෂය වන තෙක් දීර්ග කර ඇති අතර එතෙක් ඔබගේ windows 10 පරිගණකයට අඛන්ඩව windows updates ලබාගන්න පුලුවන්.

ඒ වගේම Microsoft ආයතනය මගින් මේ වනවිට Windows 11 සඳහා අවශය තිබු minimum system requirements එක වෙනස් කර තිබෙනවා. මේ වෙනස් කිරීම හරහා ඔවුන් තවත් intel cpu කිහිපයක් ද ඇතුළත් කර තිබෙනවා. මෙමගින් microsoft ආයතනය පැරණී cpu සඳහා windows 11 ස්ථාපනය කිරීමට වළක්වා තිබු තීරණය වෙනස් කර ඇති බව පෙනී යනවා. Core 2ක් හෝ ඊට වැඩියෙන් ඇති 1GHz හෝ ඊට වැඩි 64 bit CPU එකක්, 4GB RAM එකක් සහ 64GB Storage එකක් සහිත ඕනෑම PC එකකට Windows 11 install කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ වනවිට Windows 11 සඳහා Intel Core X-series, Xeon W-series, සහ Intel Core 7820HQ වර්ගයේ cpu නිළ වශයෙන් සහය දක්වනවා.ඔබගේ pc එකට official windows 11 එක windows 10 වල සිටම 11 දක්වා update එකක් වශයෙන් ලබාගැනීමට බලාපොරොත්තු වනවා නම් 8th gen හෝ අලුත්ම generation එකක Intel 64 bit CPU එකක් හෝ අලුත්ම series එකක AMD 64 bit CPU එකක්, UEFI secure boot හා Trusted Platform Module (TPM) එකක්, 4GB RAM හා 64GB  storage එකක් යන අවම සුදුසුකම් ටික ඔබගේ පරිගණකය සඳහා සපුරා තිබිය යුතු වෙනවා.

Updated PC Health Check app එකෙහි Insider Preview දසුනක්

ඒ වගේම Microsoft ආයතනය මගින් windows 11 ඔබගේ පරිගණකයට install කීරිමට හැකිදැයි පරික්ෂා කිරිම සඳහා හඳුන්වාදුන් PC Health Check Tool එකද මේ වනවිට වැඩි දියුණු කර ලබාදීමට කටයුතු කරන අතර මෙහි Insider Preview එකක් මේ වනවිට Microsoft නිළ වෙබ් අඩවිය මගින් ලබා දී තිබෙන අතර මෙය download කරගැනිම සඳහා ඔබ මූලිකවම windows insider programme එකට සම්බන්ධ වී තිබිය යුතු වෙනවා. මෙම updated PC Health Check app එක මගින් ඔබට windows 11 හි නව සංස්කරණය සඳහා අවශය සුදුසුකම් මොනවාදැයි විස්තරාත්මකව තොරතුරු සපයන්නත් වගේම ඔබගේ pc එකෙහි දැනට windows 11 සඳහා සුදුසුකම් ලබන මුලික system requirements ටිකත් ඉතා පැහැදිලිව බලාගැනිමට පුලුවන්.

එමෙන්ම Windows 11 සංස්කරණය 2022 මුල් භාගයේ දී නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවද Microsoft ආයතනය විසින් තොරතුරු වාර්තා කර තිබෙනවා.

Sources: The Verge (1) | (2), Android Authority