Loading...
Snapdragon 8 Gen 5 Chipset එක සමඟින් නිකුත් වීමට නියමිත OnePlus 15R

OnePlus සමාගම විසින් සිය නවතම Budget Flagship දුරකථනය ලෙස OnePlus 15R ගෝලීය වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. මෙම නව මාදිලියට Snapdragon 8 Gen 5 Chipset එක ලබා දෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා. ඒ අනුව OnePlus 15R යනු Snapdragon 8 Gen 5 Chipset එකෙන් බල ගැන්වෙන පළමු Smartphone එක බවට පත් වීමේ ඉඩකඩ පවතිනවා.

මීට අමතරව OnePlus 15R මාදිලියේ Camera setup එකත් Upgrade කර තිබෙනවා. ඒ අනුව මෙය Dual Camera Setup එකකින් සමන්විත වනු ඇති අතර ඒ 50MP + 50MP ලෙසයි.

Image Source - Gizmochaina

තවමත් මේ Device එක පිළිබදව නිල තොරතුරු කිසිවක් නොපවතින අතර ඉදිරි සති කිහිපය තුල මේ පිළිබදව තවත් තොරතුරු වාර්ත වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: www.gizmochina.com