ගොඩ දෙනෙක් දකින්න ඇති අලුත්ම OnePlus 8 Pro දුරකථනයේ සමහර units වල green tint  සහ black crush display issue එකක් තිබ්බා.

OnePlus ලා මේක Hardware issue එකක් කියලා දැකලා තිබ්බා ඒ හින්දා දැං ඒගොල්ලෝ repair , replace ,refund කියන Options තුනම දීලා තියෙනවා OnePlus 8 Pro එක Purchase කරලා මේ issue එකට මුහුණ  දෙන්න වුනු users ලට.

සති කිහිපයකට කලින් මේ issue එක ගැන තැන් ගොඩක users ලා දාලා තිබ්බා. OnePlus ලා මේ ප්‍රශ්නේ ගැන අවදානය යොමු කරනවා කියලා තිබ්බා. ඒ හින්දා තමා මේගොල්ලෝ මෙහෙම තීරණයක් මේ වෙලාවේ අරන් තියෙන්නෙ.

මේ වෙනකොට  OnePlus company එකෙන් Updates දෙකක් එවලා තියෙනවා OnePlus 8 Pro Phone එකට මේ complains පටං ගත්ත දවස්වල ඉදන්. කොහොම නමුත් Updates වලින් වැඩක් නැති පාටක් තමා පෙනී යන්නේ.

අපි බලමු ඉස්සරහට OnePlus company එකෙන් මේ issue එකට මොකද කරන්නෙ කියලා. මේ issue එක සම්බන්ධයෙන් ඉස්සරහට company එක කරන දේවල් ගැන Update  වෙන්න රැදී සිටින්න අප සමග.