
පසුගිය මාසයේ OnePlus සමාගම විසින් OnePlus 8 Series එක හඳුන්වා දුන් බව ඔබට මතක ඇති.

මෙම Oneplus 8 Series එකේ OnePlus 8 Pro එක සමඟ IR Filters සහිත විශේෂ කැමරාවක් සහ කැමරා ඇප් එකක් එයි. එහි ඇති විශේෂත්වය නම් අපට එම කැමරාව මගින් Infrared Material හරහා දැකගත හැකිවීමයි.
සමාජ ජාලා තුල ප්‍රසිද්ධ ඡායාරූප
පසුගිය දා බොහො දෙනාගේ මාතෘකාවට යෙදුනු මෙය බොහෝ Youtubers ලා විසින් Test කරන්නට විය. පසුගිය පැය කිහිපය තුළ, සමාජ ජාල වල මෙම කැමරාව මඟින්, "ඇඳුම් සහ සිහින් ප්ලාස්ටික් ඇතුළු සමහර වස්තූන්" හරහා දැකගත හැකි ආකාරය පෙන්වන ඡායාරූප බොහොමයක් share වන්නට විය.
Whoa - OnePlus 8 Pro's "color filter" camera can see through some plastics that don't have IR shielding. Thanks to @BenGeskin for the idea! ? pic.twitter.com/w6DQHd9eNS
— Marques Brownlee (@MKBHD) May 13, 2020
One of the best examples ?#OnePlus8Pro Color Filter Camera can see through some plastic pic.twitter.com/UkaxdyV6yP
— Ben Geskin (@BenGeskin) May 13, 2020
ඒත් ඇත්තටම මේක කොහොමද වෙන්නෙ?
Oneplus සමාගම කියන පරිදී මෙය සිතාමතාම එක් කරන ලද Feature එකක් නොවන අතර එය සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන එක් එක් Radiation තරංග හඳුනා ගැනීමට සමත් IR Sensor එකක් නිසා වන බවත් අපට පැහදිලි වෙයි.
එනම් Infrared තරංග හරහා යන Materials ඇතුලට අපට මෙමඟින් බලාගත හැකි වේ. සාමාන්‍යයෙන් ගිනි නිවන භටයන්,IR කැමරා භාවිතා කරමින් දැවෙන ගොඩනැගිලිවලට දුමාරය හරහා ඇතුල බලයි. එවිට ද භාවිතා වන්නේ මෙම විශේෂාංගයමයි.
මේක Oneplus සමාගමට ප්‍රශ්ණයක් වෙයිද?
ඇත්තටම මෙය OnePlus වලට පමණක් විශේෂිත වූ අංගයක් නෙවෙයි. මේ ආසන්න කාලයේ නිකුත් වුනු TrueDepth Camera සහිත iPhone වලද මෙම විශේෂාංගය තිබෙන බව සොයාගෙන ඇත. නමුත් මෙය සියලු පෞද්ගලිකත්වයේ ගැටලු මතු කරමින් ඇඳුම් හරහාද බැලිය හැකි බවට Unbox Therapy විසින් කල වීඩියෝවෙන් ප්‍රචලිත වෙයි.
කෙසේ වෙතත් ගැටලුවේ බරපතලකම අනුව, Software Update එකක් හරහා OnePlus හට විශේෂාංගය සීමා කිරීමට සිදුවනු ඇත. 1990 දශකයේ දී ද මෙවන් සමාන දෙයකට Sony ට මුහුණ දීමට සිදු වූයේ ද, එනම් Camcorder එකක් Recall කිරීමට බල කෙරුනේ එහි එන Night Vision විශේෂාංගය මගින් ඇඳුම් පැළඳුම් තුළින් දැක ගත හැකි වීම නිසායි.
මේ පිලිබඳ තවත් තොරතුරු ඔබට පහත වෙබ් අඩවි වලින් ලබාගත හැක.