OnePlus 9 සහ OnePlus 9 Pro යන දුරකථන 2021 මාර්තු මසදී නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් බවට අපි පසුගිය වසරේදි ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව මේ මස 23 වෙන දින OnePlus 9 Series එක එළිදැක්වීමට නියමිත බව ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ප්රකාශයට පත් කර තිබෙනවා.
It all begins with a simple thought. Discover the #OnePlus9Series, co-developed with Hasselblad, on March 23.
— OnePlus➕ (@OnePlus_USA) March 8, 2021
Get notified: https://t.co/8HQZu9LLbl pic.twitter.com/fIajmlM2Lg
මේ OnePlus 9 Series එක යටතේ Devices 03ක් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ OnePlus 9, OnePlus 9 Pro හා OnePlus 9R විදිහට. ඒ වගේම OnePlus සමාගම විසින් Hasselblad සමාගම සමග OnePlus Flagship Deviceවල Camera Setup එක Develop කිරිම සදහා වසර තුනක කාලයකට ගිවිසුම් ගත වි තිබෙනවා. ඒ වගේම මේ OnePlus 9 Series එක සදහාත් Hasselblad සමාගමේ Camera Technology එක ලැබෙනවා.
A brilliant future for mobile photography. OnePlus and @Hasselblad are joining forces #OnePlus9Series pic.twitter.com/bgK1npVEUq
— OnePlus➕ (@OnePlus_USA) March 8, 2021
ඒ වගේම මේ OnePlus 9 Series එක සදහා Custom Sony IMX789 Sensor එක භාවිත කරන බවත් ඔවුන් නිල වශයෙන් ප්රකාශ කර තිබෙනවා.
The future of mobile photography arrives on March 23. Experience the @Sony IMX789 Sensor on the #OnePlus9Series.
— OnePlus (@oneplus) March 8, 2021
ඒ වගේම OnePlus Founder හා CEO වෙන Pete Lau මහතා විසින් OnePlus community forumsහි Comment එකකට ප්රතිචාර දක්වමින් කියා සිටියේ OnePlus 9 Series එක In Box Charger එකක් සමගින් ලබා දිමට බලාපොරොත්තු වෙන බවයි.
OnePlus 9 Pro Device එක අගල් 6.7ක Curved Edge AMOLED Display එකකින් ද, OnePlus 9 Device එක අගල් 6.55ක Flat AMOLED Display එකකින්ද සමන්විත වෙනු ඇත. OnePlus 9 Series එක සැම Device එකක් සදහාම 120Hz Refresh Rate එකෙන් යුතු Displaysවලින් යුතුව Qualcomm Snapdragon 888 Chipset එකෙන් බලගැන්වෙනු ඇත. ඒ වගේම මෙහි අඩංගු වෙන 4500mAh Battery එක 65W Fast Charging හා 45W Wireless Fast Charging සදහා Support කරනු ඇත.
මොවුන් මේ 9 Series එකේ වැඩි දුර Highlight කරන Camera Setup එක OnePlus 9 Proහි දි 48MP + 50MP 8MP + 2MP ලෙස Quad Camera System එකක් විදිහටත් OnePlus 9 Device එකේ දි 48MP Main Lens එකකින් යුතු Triple Camera Setup එකකින් ද සමන්විත වෙනු ඇත.
OnePlus 9 Series එකේදි බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද කියල අපි ගෙනාපු කලින් ලිපිය මෙතනින් බලන්න.
Source : Gizmochina, OnePlus