Loading...
Nord 2 (Nord Lite) නම් Entry level ජංගම දුරකථනයක් මේ වසරේ එලිදැක්වීමට OnePlus සූදානම් වේ

ඔයාලට මතක ඇති පසුගිය දිනක OnePlus සමාගමේ අලුතෙන්ම නිකුත් වුන Mid-range Device එක වුන OnePlus Nord Phone එක ගැන අපි විස්තර ගෙනාවා.

මේ ලිපිය කියෙව්ව නම් ඔබ දැනටමත් දන්නවා මේ OnePlus Nord කියන්නේ මිල අතින් Mid-Range Device එකක් වුනාට Features Flagship Device එකට සමානම ලබා දිලා තියෙන බව. ඉතින් මේ හේතු නිසා මේ දුරකථනයට මේ වන විට හොද Market එකක් හැදිලා තියෙන බව කියන්න පුළුවන්.

ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි OnePlus සමාගම තවත් Nord Device එකක් Release කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න බව. ඒ අනුව බොහෝ විට මේ Device එක OnePlus Nord 2 හෝ OnePlus Nord Lite විදිහට හදුන්වන්න ඉඩකඩ පවතනිවා. දැනට තියෙන Leaks & Rumorsවලට අනුව බොහෝ විට මේ අලුත් Nord Device එක OnePlus සමාගමේ මිලග Budget Phone එක විදිහට ඔවුන් ඉදිරිපත් කරන්න සුදානම් වෙමින් සිටිනවා. ඒ වගේම මේ නව Nord Device එක මේ වසර අගදි වෙළදපොලට ඉදිරිපත් කිරිමට ඔවුන් සුදානම් බව OnePlus සමාගමේ CEO Carl Pei විසින් පසුගිය දිනක ප්‍රකාශ කලා.

දැන් අපි බලමු මේ අලුත් OnePlus Budget Device එක වෙන OnePlus Nord Lite Smartphone එක මොන වගේ වෙන්න පුළුවන් ද කියල

SPECS‌‌

බොහෝ විට මේ Nord Lite Device එක 6GB RAM එකකින් යුතුව Snapdragon 690 Chipset එකෙන් බලගැවෙනු ඇතැයි හෝ Snapdragon 460 සමග 4GB RAM එකක් සහිත Version එකක් විදිහට හෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මේ 4GB RAM එකක් හා Snapdragon 460 Chipset එක සමග වෙනම Entry Level Device එකක් Release කරන්නත් OnePlus සමාගම කටයුතු කරමින් ඉන්න බවට තොරතුරු පල වෙනවා.

ඒ නිසා බොහෝ විට මේ Nord Lite Device එක Snapdragon 690 Chipset එක සමග නිකුත් විය හැකි වනවා.

DESIGN‌‌

Concept Nord Lite

මෙයත් Nord Series එක යටතේම නිකුත් වන නිසා මෙහි පෙනුමත් Nord Device එකේ අකාරයම වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. Nord Lite Version එකේ Front Side එක Full-Screen Flat Display එකක් සමග Punch-Hole Camera එකකින් සමන්විත විය හැකියි. Back Side එකේ වම් පසින් ඇති Vertical Camera Setup එකෙන් මෙය සමන්විත වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

DISPLAY‌‌

තවමත් Display එක ගැන හරිහැටි Leaks & Rumors නිකුත් වි නොමැති වුවත් Nord Smartphone එකේ පවතින Display Size එකම මේ Nord Lite Version එකටත් ලබා දිමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් එහි පැවතුනු Display Refresh Rate එක වු 90Hz Rate එක වෙනුවට Nord Lite Version එක⁣ට 60Hz Refresh Rate එකක් ලබා දිමට හැකියාව පවතිනවා.

CAMERAS

‌‌OnePlus Nord කියන්නේ දැනට OnePlus සමාගම විසින් නිපදවු Smartphone අතරින් වැඩිම Rear Camera ගණනකින් සමන්විත වු Device එක කිවොත් නිවරදිය. හැබැයි Budget Device එකක් විදිහට නිකුත් විමට ඉඩකඩ පවතින මේ Nord Lite Version එකේ නම් ඒ වගේ Camera Setup එකක් බලාපොරොත්තු වෙන්න අමාරැයි. ඒ අනුව OnePlus Nord Device එකේ පවතින Camera Setup එකම සුලු වෙනස්කම්වලට ලක් කර නව Nord Lite Version එක සදහා භාවිත කරන්න හැකියාව පවතිනවා. මේ අනුව බොහෝ විට ඉදිරිපස පැවතුන Ultrawide Selfie Lens එක හා පසුපස පැවතුන Depth Sensor එක ඉවත් වි යා හැකියි.

SOFTWARE‌‌

මෙයත් සැම OnePlus Device එකක් වගේම OxygenOS එක මත ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ සමග අලුත්ම Android 11 Version එක හදුන්වා දෙන්නඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම මෙය Android 10 යටතේ මේ අවුරැද්දේදි Release වුවහොත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. Nord Lite Version එකට නවතම OxygenOS Version එක වෙන OxygenOS 10.5 සංස්කරණය ලබා දෙයි කියලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

BATTERY‌‌

Nord Device එකේ ලබා දිලා තියෙන්නේ 4,115 mAh Battery එකක්. කෙසේ වෙතත් මිල අඩු කිරිමේ බලාපොරොත්තු ඇතිව මේ Nord Lite Version එකේ Battery Capacity එක අඩු කිරිමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න බැ. කෙසේ වෙතත් 6000 mAh ප්‍රමාණයක Battery Capacity එකක් සහිතව මේ Lite Version එක Release වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම දැනට OnePlus සතුව 18W Charger එකක් පවතින නිසා මේ දුරකථනය සමග 18W Fast Charger එකක් ලබා දිමට හැකියාව තිබෙනවා.

PRICE‌‌

OnePlus Nord Smartphone එක දැනට ඩොලර් 500-600 අතර මුදලකට අලෙවි වෙනවා. මේ Nord Lite Version එකේ මිල විදිහට මේ අනුව ඩොලර් 400 පමණ උපරිම මිලකට ඔවුන් අලෙවි කරයි කියල හිතන්න පුළුවන්. කෙසේ වෙතත් දැනට තියෙන Leaks & Rumorsවලට අනුව නම් මෙහි මිල බොහෝ විට ඩොලර් 400 අඩු වෙයි කියල විශ්වාස කරන්න පුළුවන්.

නමුත් The Verge වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට මෙහි මිල ඩොලර් 200ක් පමණ වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

Sources : Toms Guide & The Verge