Loading...
OnePlus වලටම ආවේණි​ක Alert Slider වෙනුවට iPhone ආභාෂයෙ​න් නව Smart Button එක​ක්

OnePlus සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Pete Lau විසින් පසුගිය දිනක නිවේදනය කළේ OnePlus Smartphones සඳහා ලබා දුන් Alert Slider එක ඉවත් කිරීමට තමා සමාගම තිරණය කර ඇති බවයි. දශකයකට ආසන්න කාලයක් එහි විශේෂාංගය​ක් වූ මේ Alert Slider එක වෙනුවට "customizable smart button" එකක් හඳුන්වා දෙන බව මේ අනුව නිවේදනය කර තිබෙනවා.

මේ නව smart button එකෙන් Alert Slider එකේ මූලික කාර්යය වන sound profiles මාරු කිරීම මෙන්ම තවත් බොහෝ දේ ඉටු කර ගැනිමේ හැකියාව ලැබෙන බවත් ඔහු වැඩි දුරටත් දක්වා තිබෙනවා.

OnePlus Alert Slider එක ප්‍රථමයෙන්ම 2015දී OnePlus 2 Smartphone එකත් සමඟ ලබා දුන් අතර මෙය අනෙක් Android Smartphones වලින් OnePlus Smartphones වෙනස් වුණු ලක්ෂණයක් වුණා. OnePlus 2 Smartphone එකේ සිට මේ දක්වා සෑම ප්‍රමුඛ පෙළේ OnePlus Smartphone එකකටම (2022 OnePlus 10T හැර) Alert Slider එක ලැබුණා. Apple සමාගමේ iPhone සඳහා ලබා දුන් mute switch එකෙන් ලැබුන ආභාෂය OnePlus Smartphones වලට Alert Slider එක හඳුන්වා දෙන්න හේතු වු බව නොරහසක්.

OnePlus හි නව "smart button" එක Apple හි iPhone 15 Series එකත් එක්ක හඳුන්වා දුන් Action Button එකට ගොඩක් සමානයි. මේ ඔස්සේ iPhone පරිශීලකයන්ට sound profiles මාරු කරනවා වගේම, flashlight ක්‍රියාත්මක කිරීම, කැමරාව විවෘත කිරීම, shortcuts විවෘත කිරීම වගේ බොහෝ දේවල් කරන්න පුළුවන්. OnePlus හි smart button එකත් මේ වගේම ක්‍රියාත්මක වෙයි කියලා අපට හිතන්න පුලුවන්.

iPhone 15 series සමඟ හඳුන්වා දුන් Action Button එ​ක

මේ වෙනස OnePlus 14 Series එක සමඟ හෝ ඊළඟ flagship Series එකත් එක්ක එන්න පුළුවන්. ඒ වගේම මෙය OPPO දුරකථනවලටත් බලපාන්න පුළුවන් කියලා අන්තර්ජාලය තුළ තොරතුරු හුවමාරු වෙනවා.

Source: 9to5google.com www.theverge.com www.androidauthority.com