Loading...
ජංගම දුරකථන ක්‍රීඩා සඳහාම නව Smartphone Series එකක් හඳුන්වා දීමට OnePlus සමාගම සුදානම් වේ

OnePlus සමාගම විසින් සිය 12 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් නවතම Smartphone Series වන 'OnePlus Turbo' හඳුන්වා දීමට සූදානම් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මේ නව Smartphone Series ප්‍රධාන වශයෙන්ම ජංගම දුරකථන ක්‍රීඩා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් නිර්මාණය කර ඇති අතර, එය OnePlus ඉතිහාසයේ මෙතෙක් භාවිතා කළ විශාලතම බැටරියෙන් සමන්විත වනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

OnePlus චීන අංශයේ සභාපති Li Jie මහතා විසින් මෙම පුවත තහවුරු කර ඇති අතර, 2026 වසරේ මුල් භාගයේදී මෙම නව පෙරළිය දැකගත හැකි වනු ඇත.

Source - Weibo

OnePlus Turbo Series එක හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වන්නේ වැඩි පිරිසකට උපරිම Gaming අත්දැකීමක් ලබා දීම වන අතර මෙය OnePlus Flagship මාදිලිවල ඇති ප්‍රබල Performance Genes උරුම කර ගන්නා බව සමාගම පවසනවා. වාර්තා වන තොරතුරුවලට අනුව 165Hz Refresh Rate එකක් සහිත අඟල් 6.7 ක OLED Display එකකින් මෙය සමන්විත වන අතරම නවතම Snapdragon 8 Gen 5 SoC මඟින් බල ගැන්වෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්. මීට අමතරව OnePlus ඉතිහාසයේ දැවැන්තම බැටරි ධාරිතාවයත් මේ සඳහා ලැබෙනු ඇතැයි සඳහන් වනවා. ඒ 9,000 mAh ප්‍රමණයකුයි. මෙම දැවැන්ත බැටරිය වේගයෙන් ආරෝපණය කිරීම සඳහා 100W Wired Fast Charging පහසුකම ද ඇතුළත් වනු ඇතැයි පැවසෙනවා.

OnePlus Turbo ශ්‍රේණියේ පළමු උපාංගය 2026 ජනවාරි මාසයේදී ප්‍රථමයෙන් චීන වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත වන අතර ඉන් පසුව අනෙක් රටවල් සඳහාත් නිකුත් වනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.

Source: www.techlusive.in www.androidauthority.com