Loading...
OnePlus Flagship Devices සඳහා වසර 3ක් දක්වා Android Updates ලබාදෙන බව Pete Lau තහවුරු කරයි

ඔබට මතක ඇති පසුගිය මාසයේදි OnePlus සමාගම, Oppo සමාගමත් සමග ඒකාබද්ධව කටයුතු කිරිම ආරම්භ කල බවට අපි ඔබ වෙත වාර්තා කරනු ලැබුවා. ඒහිදි OnePlus සමාගමේ CEO වෙන Pete Lau මහතා විසින් ප්‍රකාශ කර සිටියේ මේ ඒකාබද්ධ කිරිම මගින් OnePlus පාරිභෝගිකයින් සදහා වඩා හොද සේවාවක් සැපයිමට හැකි වෙනු ඇති බවයි. ඒ වගේම මෙලෙස OnePlus සමාගම, Oppo සමාගම සමග ඒකාබද්ධ වුවත් OnePlus සන්නාමය ස්වාධීනව ක්‍රියාත්මක වෙන බවත් ඔහු විසින් වැඩිදුරටත් දක්වා තිබුණා.

මෙලෙස Oppo සමාගම සමග ඒකාබද්ධ විමත් සමග ඉදිරියේදි OnePlus සමාගමේ OxygenOS එක හා Oppo සමාගමේ ColorOS වල Codebase ඒකාබද්ධ විමටත් නියමිතව පවතිනවා. මෙලෙස OS Codebase ඒකාබද්ධ විමත් සමග OnePlus සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සදහා නව Update Schedule එකක් හදුන්වා දි තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් OnePlus Flagship Devices සදහා වසර තුනක් දක්වා Major Android Updates මෙන්ම වසර හතරක් දක්වා Security Updates ද ලබා දිමට කටයුතු කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව OnePlus Devices සදහා ඔවුන් විසින් ඉදිරිපත් කල නව Update Schedule එක Category 04ක් ඔස්සේ දක්වන්න පුලුවන්.

01. OnePlus Flagship Devices :‌‌

One 8 Series එකේ සිට මේ දක්වා නිකුත් වුණ සියලු OnePlus Flagship Devices සදහා Major Android Updates තුනක් මෙන්ම වසර හතරක් සදහා Security Updates ලැබෙනු ඇත.

02. OnePlus Nord & Nord CE Devices :‌‌

පළමු OnePlus Nord Device එකේ සිට අලුත්ම Nord හා Nord CE Devices සදහා Major Android Updates දෙකක් මෙන්ම වසර තුනක් සදහා Security Updates ලැබෙනු ඇත.

03. Nord N series :‌‌

OnePlus N10, N100 හා සියලු OnePlus N Series Devicesවලට Major Android Update එකක් මෙන්ම වසර තුනක් දක්වා Security Update ලැබෙනු ඇත.

04. Flagship Devices Released Prior to the OnePlus 8 Series :‌‌

එනම් OnePlus 8 Series එකට පෙර නිකුත් වු සියලු OnePlus Flagship Devices සදහා Major Android Update දෙකක් මෙන්ම වසර තුනක් සදහා Security Updates ද ලැබෙනු ඇත.

Source : OnePlus, Beebom