Loading...
OxygenOS 12 මඟින් 3rd party cameras සඳ​හා ඉවත් කරන ලද auxiliary camera access නැවතත් ලබා දීමට OnePlus ආයතනය සූදානම් ​වේ

OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus 9 හා OnePlus 9 Pro Devices සදහා Android 12 මත පදනම් වු OxygenOS 12 Stable Update එක නිකුත් කළ අතර මේ Software Update එක මගින් OnePlus 9 හා 9 Pro Devicesවල 3rd Part Camera Apps සදහා Auxiliary Camera Access Block වි තිබෙන බව පරිශීලකයින් විසින් වාර්තා කරනු ලැබුවා.

එහිදි OnePlus 9 හෝ 9 Pro Usersලාට ඔවුන්ගේ Devicesවල Ultra-wide camera හෝ Telephoto Camera, Google Camera App වැනි 3rd Party Camera Apps ඔස්සේ භාවිත කළ ⁣නොහැකි වුවා.

කෙසේ වෙතත් මේ වෙන විට Oneplus සමාගම විසින් විසින් 3rd Party Camera Apps සමග Auxiliary Cameras භාවිත කිරිමට නොහැකි විමේ දෝෂය නිවරදි කිරිම පිළිබඳ කටයුතු කරමින් සිටින බව ඔවුන්ගේ Blog Post එකක් හරහා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉදිරි Software Update එකක් ඔස්සේ මේ ගැටලුව නිවරදි කිරිමට Oneplus සමාගම විසින් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Regarding the other reported problems, please rest assured that they are also covered in the follow-up update plan, such as the auto-fill feature in Chrome and the temporary lack of access to the Ultra HD 48M / AUX camera on GCam. We will continue focusing our efforts on improving the software experience and will work on addressing these issues rapidly.

මීට පෙර Oneplusහි මව් සමාගම වෙන OPPO ColorOS හි ආකාරයටම 3rd Party Camera Apps සදහා auxiliary cameras භාවිත කිරිමට ඉඩ නොදෙනු ඇතැයි වාර්තා වුව ද මේ Blog Pist එක මගින් එලෙස සිදු නොකර එය ඉතා ඉක්මනට නිවරදි කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources: XDA Developers, OnePlus