Loading...
ගුවන් තොටුපල වල ලඟම ඇති OnePlus charging stations පිළිබඳ දැනුම් දීමේ පහසුකමක් OnePlus සමාගම විසින් ලබා දේ

OnePlus Charging Stations Concept එක කියන්නේ OnePlus Usersලාට ඉතාමත් වැදගත් සංකල්පයක් වෙනවා. මේ මගින් අවශ්‍ය ඕනැම ස්ථානයකින් අපේ Smartphone එක Charge කර ගැනිමේ හැකියාව ලැබෙනවා. Charging Station Concept එකේදි අපි සිටින ස්ථානය අවට Charging Station එකක් තිබෙනවා නම් එය Notification Vibrate එකක් මගින් අපිට එය දන්වනවා. ඒ වගේම අපි සිටින ස්ථානයේ සිට Charging Station එක පවතිව ස්ථානය ගමන් කිරිමට අවශ්‍ය Direction එකද සපයනවා. මෙලෙස OnePlus Devices වෙත ලගම ඇති Charging Station පිළිබඳව දැනුම් දිමට Wireless Beacon ක්‍රමයක් තමයි මෙහිදී භාවිතා වෙන්නේ.

මේ සදහා Usersගේ Device එකේ Software Support එකද අවශ්‍ය වෙනවා. මේ Charging Station Feature එක OnePlus Devices වෙන OnePlus 8 Series එක, OnePlus 7 Series එක හා OnePlus Nord Series එක සදහා භාවිත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම OnePlus 6 Series එක සදහාත් ඉදිරියේදි මේ Feature එක ලබා දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙන බව දක්වා තිබෙනවා.

ඔබ Charging Station එකක් අසල සිටිනවා නම් ඔබගේ Device එක⁣ මේ Feature එකට Support කරනවා නම් ඔබට Notification එකක් මගින් ඔබ අසල Charging Station එකක් ඇති බව දන්වනවා. ඒ වගේම මෙය ඔබට කරදරයක් නම් Notification Mute කිරිමට ද හැකියාව පවතිනවා. ඒ වගේම මේ Notification එකත් සමග Charging Station එකට ඇති දුර හා පිහිටා ඇති ස්ථානය ආදිය ගැන සම්පූර්ණ තොරතුරු ලබා දෙනවා.

OnePlus Charging Station Concept Program එක දැනට ඉන්දියාව තුල නියමු වැඩසටහනක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ වන විට බැංගලෝර් ගුවන්තොටුපලේ මේ Charging Stations පිහිටුවා ඇති අතර ඉදිරියේදි දිල්ලි ගුවන්තොටුපලේ ද මේ Charging Stations පිහිටුවිමට බලාපොරොත්තු වෙන බව දක්වා තිබෙනවා.

මේ Charging Stations OnePlus WARP Charge 30W USB Portවලින් සමන්විත වෙනවා. හැබැයි මේ WARP Charging Technology එක භාවිත කරන්න නම් ඊට ගැලපෙන Charging Cable එකක් ඔබ සතුව පැවතිය යුතු වෙනවා. එමෙන්ම සමාගම Charging Cable මගින් OnePlus මෙන්ම OnePlus නොවන Smartphone වුව ද Charge කර ගැනිමේ හැකියාව පවතිනවා.

Sources : Gsmarena, Oneplus