Loading...
OnePlus සමාගමේ foundersලාගේ තනතුරු වල වෙනසක් වන බවට තොරතුරු

OnePlus කියන්නේ 2014 අප්‍රේල් මාසයේ දී Oneplus 1 කියන Phone එක ප්‍රථම වරට දියත් කළ දා සිට බොහෝ දුරක් සාර්ථකව ඉදිරියට පැමිණි සමාගමක්. Flagship Killer නමින් අනෙක් Smartphone Manufacturersලා සමග කරට කර තරඟයක් දීමට සමත් වෙච්ච OnePlus සමාගම, OnePlus 8 වැනි high-end Smartphones දියත් කිරීම් සමඟින් මෑත අතීතයේ දී ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බවට පත්වීමට පුළුවන් උනා.

මේ සමාගමේ නායකත්වය අනුව උපාය මාර්ගවල විශාල වෙනසක් කිරීමට සමාගම සැලසුම් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, සමාගමේ Foundersලා වන Pete Lau සහ Carl Pei යන අයගේ භූමිකාවන්ගේ වෙනස්කම්ද ඇතුළත් වෙන්න පුළුවන්.

Pete Lau & Carl Pei

ගොඩක් ජනප්‍රිය Leakster කෙනෙක් වෙන Ice Universe කියන Twitter User මෙහෙම Tweet එකක් දාලා තිබුණා,

BREAKING!Rumor:OnePlus founder/ CEO Pete Lau will return to OPPO. But still serves as OnePlus CEO

නමුත් පස්සේ ඒ Tweet එක අයින් කරලා තිබුණා.

චීන මාධ්‍ය වාර්තාවලට අනුව, Pete Lau විසින් OPPO සමාගමේ Product Experience Officer ලෙස කටයුතු කරනු ඇති අතර, OnePlus සමාගමේ CEO විදියට දිගටම කටයුතු කරනවාලු. ඒ විතරක් නෙවෙයි Win Future හි Roland Quandtගේ මෑත ලිපියකට අනුව Carl Pei, OnePlus හි Global Director ලෙස ඉවත්ව යන බවට පැතිර යන කටකතා ද ඇත්තක් වෙන ලකුණු තමයි පේන්නේ.

නමුත් මේ කතා මොනවා උනත් තවමත් මේවා හරියි කියලා Confirm නැහැ. මේ හැම එකක්ම කටකතා කියන එක තියාගන්න. මේ හැම එකකම නිල නිවේදන එනතෙක් බලාගෙන ඉන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ.