Loading...
Online survey එකක් හරහා OnePlus Z specs leak වෙයි! Launch එක ජූලි මාසෙ 10 වෙනිදා?

දිග කාලයක ඉඳන්ම rumor උන දෙයක් තමා OnePlus ලා mid range device එකක් රිලීස් කරන්න ඉන්නෙ කියන එක. බොහොමයක් මත පල උනේ මේ device එක OnePlus 8 Lite විදිහට නම් වෙයි කියලා. ඒත් විශ්වසනීය ආරංචි මාර්ග වලින් අපිට පැහැදිලි වෙන්නෙ මේ අලුත් ම low cost mid range device එක OnePlus Z විදිහට නම් වෙනවා කියලයි. ඒ වගේම OnePlus ලම confirm කරලා තියෙනවා ඔවුන් affordable smartphone market එකට re-enter වෙනවා කියලත්. ඉතින් මේ වගේ පසුබිමක තමා මේ specs leak වෙලා තියෙන්නෙ.

ඉතින් මොනවද මේ rumor උන specs?

මේ සිද්ධිය ඉස්සෙල්ලම spot වෙලා තියෙන්නෙ XDA Developers ලට. එක්තරා PayBack loyalty program එකක users ලා කීප දෙනෙක් ව survey එකකට සම්බන්ධ කරගෙන ඒ users ලගෙන් අහල තියෙනවා පහලින් තියෙන විදිහට specifications සහ price එකක් සහිත OnePlus device එකකට ඔවුන්ගෙ interest එක සම්බන්ධයෙන්. ඉතින් ඒ survey එකට සහභාගි උන user කෙනෙක් ඒ අහල තිබුන specifications තිබ්බ screen shot එකක් DesiDime කියන online forum එකට upload කරලා තියෙනවා.

ඉතින් මේ leak උන specs එක්ක බලද්දි මේ device එක ගැන කලින් අහන්න ලැබුන rumors එක්ක බොහෝ සෙයින් ම සමානයි කීවොත් වැරදි නෑ. ඉතින් මේ specs මොන වගේ වේවිද? OnePlus Z එක feature වෙන්නෙ 90 Hz refresh rate එකක් තියෙන 6.55 inch Super AMOLED Display එකක් එක්කයි. බොහෝ දුරට මේ device එකට full HD (2340 x 1080) resolution එකක් තියෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ වගේම punch-hole cut out එකක් එක්ක 16mp selfie camera එකකුත් මේ device එකේ leaked specifications අතර තියෙනවා. ඒ වගේම in-display fingerprint scanner එකකුත් මේ device එකට ඇතුලත් වෙනවා.

OnePlus Z deviceඑක power වෙන්නෙ 5G-enabled Snapdragon 765G chipset එකකින්. අවම වශයෙන් 6 GB RAM එකක් සහ 128 GB internal memory එකකින් මේ device එක සමන්විත වෙනවා. පැහැදිලිවම මේක run වෙන්නෙ Android 10 පදනම් උන OxygenOS out-of-the-box වලින්. මේකෙ battery එක කතා කරද්දි 30W Warp charging එක්ක 4300mAh battery pack එකකින් මේ device එක සමන්විත වෙනවා.

Camera system එක ගැන කතා කරද්දි 64MP primary camera එකක් එක්ක 16MP secondary camera (බොහෝ විට ultra wide) එකක් සහ 2MP depth sensor එකකින් මේ device එකේ camera department එක සමන්විත වෙනවා.

Rumor වෙන price එක හා launch කරන දිනය.

ඉතින් ඔය උඩ තියෙන photo එකේ හැටියට මේ 5G mid-range OnePlus smartphone එක ඉන්දියන් රුපියල් 24,499 වගේ ප්‍රමාණයකට මිල වෙනවා.

ඉතින් මේ තොරතුර අපිට දැනගන්න ලැබුනෙ උදේ කාලයේ. කෙසේවෙතත් reliable tech tipster කෙනෙක් වෙන Max J. කියන්නෙ නම් මේ specifications වැරදී කියලයි. තව දුරටත් මේ ගැන විස්තර කරන ඔහු පවසන්නේ මේ ගැන වඩාත් විශ්වසනීය තොරතුරු ඉදිරියේදී ඉක්මනින් ලබා දීමට ඔහු අපේක්ෂා කරන බවයි.

Specs වලට අමතරව OnePlus Z launch date එක ගැනත් rumor එකක් pop up වෙනවා. ඒ ජූලි 10 වෙනිදා විදිහටයි. කෙසේ වෙතත් බොහෝ විට මේක ‘first sale date’ එක වෙන්න පුලුවන්!