Loading...
ජූලි 10 වන දින නිකුත් වීමට තිබූ OnePlus Z දුරකථනය 'Nord by OnePlus' ලෙස නම් වන ලකුණු

OnePlus සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම mid-range ජංගම දුරකථන නිකුත් කරමින් ඔවුන්ගේ flagship පමණක්ම නිෂ්පාදනය කරමින් සිටි රටාවෙන් මිදීමට තීරණය කල බව අපි කවුරුත්ම දන්නා කරුණකි. ඒ බව සනාථ කරමින් මෑතකදී අපට අසන්නට ලැබුනේ ඔවුන්ගේ ප්‍රථම mid-range OnePlus ජංගම දුරකථනය ලෙස OnePlus 8 Lite නිකුත් කිරීමට යන බවයි. නමුත් එය්ව වෙනස් කරමින් ඊයේ පෙරේදා දිනක හෙලි වූයේ එම device එක මෙම වසරේ ජූලි 10 වන දින OnePlus Z වශයෙන් නිකුත් වන බවය.

අද දින වන විට එයද වෙනස් වෙමින් ජූලි 10 වන දින මෙම ජංගම දුරකථනය Nord by OnePlus යන නමෙන් නිකුත් වන බව ලෝකයේ පිලිගත් ලීක්ස් නිකුත් කරන Max J. විසින් තැබූ ට්විටර් පණිවිඩයක පහතයුරින් සටහන් විය

Source: Twitter

The message was ‘NORD’ and if you’ve been keeping track, OnePlus submitted a trademark application for ‘Nord by OnePlus’ earlier in March.

මෙය crack the code වර්ගයේ පණිවිඩ්‍යක් වූ අතර මුලින්ම මෙය crack කර ඇත්තේ PhoneArena බව ඔහු විසින් තැබූ තවත් twitter පණිවිඩයක සටහන් විය.

Source: Twitter

ඒ කෙසේ වුවත් USPTO (United States Patent and Trademark Office)හි ඇති OnePlus විසින් 2020 මාර්තු 26 වන දින කරන ලද ඉල්ලුම් පත්‍ර දෙකකට අනුව ඔවුන් Nord by OnePlus (ඉල්ලුම්පත්‍ර අංක 88849019) සහ OnePlus Nord (ඉල්ලුම්පත්‍ර අංක 88849004) කියන නාමයන් දෙකටම Trademark අයිතීන් ඉල්ලුම් කර ඇත.

කෙසේ වුවත් මේ වනතුරුත් OnePlus සමාගමෙන් ඔවුන්ගේ නව ජංගම දුරකථනය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැති අතර, ඔවුන් විසින් සිදු කල එකම ක්‍රියාව ලෙස හඳුනාගෙන ඇත්තේ ඉහත සඳහන් කල ඉල්ලුම්පත්‍ර පමණි. එම ඉල්ලුම් පත්‍ර දෙකම පැවසූ පරිදි 2020 මාර්තු මස 26 වන දින OnePlus Technology (Shenzhen) Co., Ltd. විසින් ඉල්ලුම් කර ඇත පහත සබඳියෙන් ඔබට මේ වන විට OnePlus සමාගම විසින් ඉල්ලුම් කර ඇති සහ මේ වන විට ලියාපදිංචි කර ඇති ඔවුන්ගේ Trademark සියල්ලම බලා ගත හැක.

Oneplus TradeMarks

OnePlus සමාගමේ සහොදර සමාගම වන OPPO සමාගම විසින් වෙලඳපලට වෙනම නාමයක් යටතේ නිකුත් කරන Realme ජංගම දුරකථන සේ ඔවුන්ගේ OnePlus Nord ජංගම දුරකථන නිකුත් කිරීමට සැරසේ යන්න ලෙසත් මේ වන විට මත පල වෙනවා. එමෙන්ම එය තවදුරටත් සමාන වන්නේ Xiaomi ආයතනය විසින් Redmi by Xiaomi ලෙස නිර්මාණය කර ඇති නාමයට සමාන ලෙසම Nord by OnePlus යන නාමයටද OnePlus සමාගම විසින් ඉල්ලුම් කර තිබීමයි.

Source: upsto.report, Twitter