Loading...
Google Chrome වෙත අභියෝගයක් වන web browser එකක් OpenAI වෙතින් එලිදැක්වීමට සැරසෙන බවට වාර්තා ​වේ

Open AI සමාගම විසින් ඔවුන්ගේම Web Browser එකක් එළි දැක්වීමට සුදානමින් සිටින බව මේ වන විට වාර්තා වනවා. Open AI යනු මේ වන විට ලොව ජනප්‍රියතම AI Chat Bot වන ChatGPTහි හඳුන්වා දුන් සමාගමයි. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළදී මේ වන විට ජනප්‍රියතම Web Browser එක වන Google Chrome සමඟ තරඟ කළ හැකි AI-පාදක Wen Browser එකක් හඳුන්වා දෙනු ඇත.

මෙය දැනට ඔබ බහුලව භාවිත කරන Chrome, Edge, Safari වැනි සම්ප්‍රදායික Web Browsersවලට එහා ගොස් AI තාක්ෂණය ඔස්සේ, පරිශීලකයන්ට ChatGPT වැනි interface එකක් ඔස්සේ වෙබ් අඩවිවලට යන්නේ නැතිව කටයුතු කරන්න ඉඩ දෙනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. එමෙන්ම මේ සඳහා OpenAI හි AI agent වන "Operator" එකත් ඒකාබද්ධ කරනු ඇති අතර ඒ ඔස්සේ reservation බුක් කිරීම, ආකෘති පිරවීම වගේ කාර්යයන් පරිශීලකයා වෙනුවෙන් ස්වයංක්‍රීයව කිරීමේ හැකියාව Web Browser එක ඔස්සේ ලැබෙනවා.

OpenAI හි මේ නවතම Web Browser එක එළි දැක්වු පසු එයට ChatGPT සතිපතා භාවිත කරන මිලියන 400-500ක පරිශීලකයන් ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීමට හැකි වුවහොත් එය, Google සමාගමේ advertising revenue එකෙන් 75%කට ආසන්න ප්‍රමාණයකට බලපෑමක් ඇති කළ හැකි බවටත් වැඩි දුර තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙය ලොව පළමු AI Web Browser එක නොවන නමුත්, විශාල පරිශිලකයික් පිරිසක් එකවර ආකර්ෂණය කර ගැනීමට වැඩි හැකියාවක් ඇති Web Browser එකක් ලෙස මෙය දක්වන්න පුලුවන්. මේ වන විටත් Nvidia සහාය ලබන Perplexity AI විසින් "Comet" නමින් AI Web Browser එකද, The Browser Company විසින් "Dia" නමින් AI Web Browser එකද මේ වන විට තරමත් ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා.

මේ OpenAI හි AI Web Browser එකත් Google හි open-source Chromium code එක මත ගොඩනැගුණු Web Browser එකක් වනවා. කෙසේ වෙතත් මොවුන් වෙනත් Wen Browser එකක් සහාය නොගෙන තමන්ගේම Web Browser එකක් නිර්මාණය ඔවුන්ට ඉතා වාසිදායක වනවා. ඒ එවිට user data collect කිරීමේ හැකියාව ඉතා ලෙහෙසියෙන් ලැබෙන නිසායි.

මේ නව හි AI-powered Web Browser ඩිජිටල් ලෝකයේ ලොකු වෙනසක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: www.theverge.com techcrunch.com