Loading...
විනාඩි 15න් 4000mAh full charge කරගන්න Oppo වෙතින් SuperVOOC 3.0 80W චාජරයක්

ලෝකයෙ පලවෙනි වතාවට 50W charging හඳුන්වා දුන්නේ OPPO සමාගම කියල කවුරුත්ම දන්නවා. ඒ OPPO Find X Lamborghini edition එකත් එක්ක. ඊට පස්සේ ඉඳලා ගොඩක් සමාගම් විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වලටත් මේ super-fast charging speed එක ලබා දුන්නා. තිබ්බ හැම වාර්තාවක්ම කඩලා මේ පාර OPPO සමාගම ඔවුන්ගේ Super VOOC 3.0 සමඟ 80W charging technology එක 2021දී හඳුන්වා දෙන්න යනවා.

Weiboහි tipster කෙනෙක් කියල තිබුණු විදිහට මේ අළුත්ම තාක්ෂණය ඔස්සේ 4,000mAh ධාරිතාවයකින් යුක්ත බැට්‍රි එකක් fully charge වෙන්න යන්නේ විනාඩි 15ක් විතරයි.

කෙසේ වුවත් මෙවැනි වේගයකින් බැට්‍රියක් චාර්ජ් වීමේදී එහිදී ඇතිවන තාපය පාලනය කිරීම සඳහා OPPO සමාගම විසින් කුමන ආකාරයේ පිලියමක් යොදා ගනීද යන්න තවමත් ප්‍රශ්නයක්. එමෙන්ම මෙවැනි charging speed එකකින් battery එක කොපමණ කාලයක් පුරාවට රැඳී පවතීද යන්නත් තවමත් ප්‍රශ්නයක්. ඊටත් වඩා ප්‍රශ්නය වන්නේ තවමත් මේ ගැන OPPO සමාගම විසින් නිල නිවේදයක් කර නොතිබීමයි.

OPPO සමාගමේ දැනට පවතින නිල charging technology එක වන්නේ Super VOOC 2.0 කියන technology එකයි. මේ වෙනකොට Super VOOC 2.0 technology එක OPPO සමාගමේ flagships වන Find X2 Pro, Find X2 and Reno Ace 2 කියන ජංගම දුරකථන වල භාවිතා වේ. මෙම තාක්ෂණය හරහා ඔවුන්ට එම ජංගම දුරකථන සඳහා 65W charging boost එකක් ලබා දීමට හැකියාව ලැබී පවතිනවා. ඒ ඔස්සේ විනාඩි 30කින් වැනි සුළු කාලයකින් මුළු බැට්‍රියම චාර්ජ් කරගැනීමේ හැකියාව ලැබී තියෙනවා.

එමෙන්ම Realme ජංගම දුරකථන සඳහාද භාවිතා වන්නේ මෙම තාක්ෂණයයි. මෑතකදී නිකුත් වූ Realme X50 Pro ජංගම දුරකථනයේ මේ තාක්ෂණය දක ගත හැකියි. නමුත් Realme විසින් එය හඳුන්වන්නේ Super Dart charging වශයෙනි.

Source: NDTV