Loading...
2018 ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන සන්නාම නාමය – OPPO

Android වැඩකාරයෝ අපි ප්‍රථම වරට සංවිධානය කරන ලද “Android වැඩකාරයෝ Awards – 2018”, 2018 දෙසැම්බර් 19 වෙනිදා සිට දෙසැම්බර් මස 25 වන දින දහවල් 12 වන තෙක් පැවැත්වුනා. මේකේදි ලාංකිකයන් සැමටම තමන් කැමති දේවලට ඡන්දය ප්‍රකාශ කරන්න අපි අවස්ථාව සලසලා තිබ්බා. මේ පිලිබඳ සියලුම දැනුම් දීම් සමාජ ජාලා මාධ්‍ය හරහා ලබාදීමට අපි කටයුතු සිදු කලා. විශේෂයෙන්ම නවීන තාක්ෂණික උපක්‍රම යොදාගෙන හොර ඡන්ද දැමීම වැලැක්වීමටත් අපි කටයුතු කලා.

මෙහිදී විවිධ අංශ යටතේ, මත විමසුම් කීපයක්ම තිබ්බා. මෙහිදී පැවති මත විමසුම් අතරින් “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන සන්නාමය – 2018” දිහා ගොඩක් දෙනෙක්ගේ අවදානය යොමු උනා. මොකද 2018 දී ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ගොඩක් විවිධ සන්නාම යටතේ නිකුත් උනා. මේ සියලුම ජංගම දුරකථන සන්නාම මේ තරඟයට ඉදිරිපත් උනා.

ඉතින් පුරා සතියක් තිස්සේ පැවැත්වුනු මේ ඡන්ද විමසීමෙන් අනතුරුව OPPO සන්නම් නාමය “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන සන්නාමය – 2018” ලෙස ජනතා ඡන්දයෙන් තේරී පත් උනා.

ඉතින් OPPO ආයතනය හිමිකරගත් මේ ජයග්‍රහණය පිලිබඳ අපි ඔවුන්ට සුභ පතනවා. විශේෂයෙන්ම ලංකාවට පැමිණ කෙටි කාලයක් තුල ඔවුන් මෙලෙස ලංකාවේ මිනිසුන් අතර තම නාමය රඳවා ගැනීමට සමත් වීම ඔවුන් ලද විශාල ජයග්‍රහණයක් බවයි අපේ මතය.