Loading...
Pixel 4a නිකුත් වීම ජූලියට කල් යයි, Barely Blue වෙනුවට කළු වර්ණයෙන් එකක් ඔක්තෝම්බරයේදී

ඔබත් Google pixel 4a දුරකතනය නිකුත් වන තෙක් බලා සිටි පාරිභෝගියෙක් නම් ඔබේ ඉවසීම තවත් වැඩි කරගැනීමට කාලය එළඹ ඇත.

Pixel 4a දුරකතනය නිකුත් කිරීම ප්‍රමාද කරන බව නවතම තොරතුරු මගින් අනාවරණය වී ඇත. Pixel 4a දුරකතනය සාමාන්‍ය පරිදි නිකුත් වූයේ නම් එය නිකුත් වීමට තිබුනේ මැයි මාසයේදීය. නමුත් එය ජුනි මාසයට කල් ගිය අතර දැන් මෙම දුරකතනය නිකුත් වන බව පවසන්නේ ජූලි 13 වැනිදාය. Rumors අනුව Barely blue වර්ණයෙන් යුතු Pixel 4a නිෂ්පාදනය නොවන අතර ඒ වෙනුවට Black වර්ණයෙන් නිමවෙන Pixel 4a ඔක්තෝම්බර් මාසයේ 22 නිකුත් වීමට නියමිතය.

Pixel 4a දුරකතනය ප්‍රමාද වීමට හේතුවක් තවමත් පැහැදිලි නොමැත. කෙසේ වෙතත් ඉතාමත් ජනප්‍රිය Appel leaker වන Jon Prosser පවසන්නේ දුරකතනය shipments සූදානම්ව පවතින අතර ගූගල් සමාගම වෙළෙඳපොළ තත්වය නිසා එය ප්‍රමාද කරන බවයි. එය සාධාරණ ලෙස පෙනුනද මේ වන විට ඇපල් අතුලුව බොහෝ දුරකතන සමාගම් තම දුරකතන වෙළෙඳපොළට නිකුත් කරමින් පවතින අතර ඔවුන්ගේ වෙළෙඳපොළ මට්ටම ශක්තිමත් තත්වයක පවතී.

ගූගල් සමාගම පසුගිය වසරේ නිකුත් කල Pixel 3a එම වසරේදී වඩාත්ම අලෙවියක් වාර්තා කල pixel උපාංගය වේ. එයට ප්‍රධානම හේතුව වූයේ ඇමරිකාව තුල මෙහි පවතින අවම මිල දර්ශකය වේ. කෙසේ වෙතත් pixel 4a දුරකතනය නිකුත් වීම ප්‍රමාද වීම pixel හී රසිකයන්ට අවාසි සහගත තත්වයක් උදාකරදීමට පුලුවන. අනෙක් භයානකම කරුණ වන්නේ මෙම වසරේදී නිකුත් කල iPhone SE 2020 දුරකතනයේ මිල pixel 4a හී මිලට සමාන අගයක පැවතීමය.