POCO සමාගමේ Global Launch Event එකක් මේ මස 22 දින පැවැත්විමට නියමිත බවට ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Watch out! The new beast is in town!#KingPOCO is coming.#PowerMeetSpeed pic.twitter.com/FNtOaLwpAl
— POCO (@POCOGlobal) March 15, 2021
දැනට තිබෙන තොරතුරුවලට අනුව මේ Event එකේදි POCO Devices දෙකක් නිකුත් විමට නියමිත වෙනවා. ඒ POCO X3 Pro හා POCO F3 / POCO F3 කියන Devices දෙකයි.
POCO Global නිල Twitter ගිණුම ඔස්සේ පල කර ඇති Tweet එකට අනුව මෙය 2021 වසර සදහා වෙන විශාලතම නිකුත් කිරිම වෙනු ඇත. මේ Event එකේ Tag line එක විදිහට මොවුන් දක්වා ඇත්තේ “When Power Meets Speed” යනුවෙන්.
#PowerMeetSpeed
— POCO (@POCOGlobal) March 15, 2021
Who is ready for the biggest #POCO launch of the year?
Stay tuned for March 22nd! pic.twitter.com/WknIRzAon6
තවමත් මේ Event එකේ දි POCO සමාගමේ කුමන Devices එළිදැක්වෙනු ඇත්දැයි ප්‍රකාශයට පත් කර නොමැති වෙනවා. දැනට නිකුත් වෙන තොරතුරුවලට අනුව මේ Event එකේදි බොහෝ විට POCO Devices දෙකක් නිකුත් වෙනු ඇතැයි කියන්න පුළුවන්.
මින් එක් Device එකක් විදිහට POCO F3/POCO F3 Pro Device එක හදුන්වා දෙන්න පුළුවන්. මෙය චිනය සදහා පමණක් නිකුත් වු Redmi K40 Device එකේ Rebrand විමක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. ඔබට මතක ඇති Redmi K40 Device එක POCO Brand එක යටතේ නිකුත් විමට ඉඩ ඇති බවට අපි මිට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා.
ඒ වගේම මෙහි අනෙක් Device එක විදිහට POCO X3 Pro Device එක නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙය මිට පෙර නිකුත් වු POCO X3 Device එකේ Pro Version එකක් ද වෙනවා. දැනට තිබෙන තොරතුරුවලට අනුව මෙහි Display Refresh Rate එක 120Hz වෙන අතරම AMOLED FHD+ Display එකක් ද වෙනු ඇත. මෙය Qualcomm Snapdragon 860 Chipset එක මගින් ද බලගැන්වෙනු ඇති බව පැවසෙනවා. මෙලෙස නිකුත් විමට ඉඩ ඇති POCO X3 Pro Device එක පිළිබඳවත් මිට පෙර ලිපියක් ගෙන ආවා.
මෙලෙස POCO Devices Global Market එකට නිකුත් විමේ Event එකට අමතරව මේ මස 30 වෙනි දින ඉන්දියාවේදි ද POCO Launching Event එකක් පැවැත්විමට නියමිතව පවතිනවා. මේ බව POCO සමාගමේ ඉන්දියාව සදහා වෙන නිල Twitter ගිණුම ඔස්සේ ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Time to break the price-performance(P:P) benchmark. Brace yourselves as we get ready to unleash MAD #PROformance on 30.03
— POCO - Madder By the Minute (@IndiaPOCO) March 15, 2021
Remember: Only a POCO can beat a #POCO.
Guesses? pic.twitter.com/Nu5Zy9A0JG
Source : Poco, Gizmochina