ඔබට මතක ඇත පෙබරවාරි මාසයේ දි POCO සමාගම විසින් POCO X3 Pro නමින් Pro Version Smart Phone එකක් නිකුත් කිරිමට සුදානමින් සිටින බවට අපි තොරතුරු වාර්තා කලා. ඒ අනුව මේ වන විට POCO සමාගම විසින් POCO X3 Pro Smart Phone එක මේ මස 30 වෙනි දින ඉන්දියාවේ දි නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.
Same madness, only more!
— POCO - Madder By the Minute (@IndiaPOCO) March 10, 2021
Get ready for #PROformance coz ONLY a POCO can beat a POCO. pic.twitter.com/PeW2AX0ZjL
කෙසේ වෙතත් POCO සමාගම විසින් මාර්තු 30 වෙන දින X3 Pro Device එක නිකුත් කරන බව ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කර නොමැති වුවත් ඔවුන්ගේ Twitter සටහනට අනුව එම සටහනේ Highlight කර තිබෙන කොටස්වලටත් අනුව බොහෝ දුරට ඔවුන් මේ මස 30 වෙනිදා POCO X3 Pro Device එක නිකුත් කිරිමට ඉඩ තිබෙනවා.
දැනට පල වෙන තොරතුරුවලට අනුව මේ X3 Pro Device එක සදහා 120Hz Display Refresh Rate එකක් සහිත Full HD+ Display එකක් භාවිත වෙනු ඇත. ඒ වගේම මේ Device එක සදහා Qualcomm Snapdragon 860 Chipset එක භාවිත වෙනු ඇත. කෙසේ වෙතත් මෙය 5G Connectivity එක සදහා නම් සහය දැක්විමක් සිදු වෙන්නේ නැ. මෙහි Battery Capacity එක විදිහට තොරතුරු පල වෙන්නේ 5200 mAh Battery එකකුයි. මෙය Blue, Black හා Bronze color Optionsවලින් එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Source : Beebom