ලොව ප්‍රමුඛතම වැඩිහිටි අන්තර්ගත වෙබ් අඩවියක් වන Pornhub හි පරිශීලකයින් මිලියන 200කට අධික පිරිසකගේ Search History සහ Viewing Habits පිළිබන්දව දත්ත සොරකම් කර ඇති බවත්, ඒවා ප්‍රසිද්ධ කරන බවට පවසමින් ‘ShinyHunters’ නම් සුප්‍රසිද්ධ හැකර් කල්ලියක් විසින් අදාළ සමාගමෙන් කප්පම් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.
මෙම සිදුවීම, Pornhub Premium සාමාජිකයින්ගේ පෞද්ගලිකත්වය දැඩි අනතුරකට ලක් කර ඇති අතර, එය මෑත ඉතිහාසයේ වාර්තා වූ වඩාත්ම සංවේදී දත්ත සොරකම්වලින් එකක් ලෙස සැලකන්න පුලුවන්.
නවතම වාර්තා අනුව, ShinyHunters හැකර් කල්ලිය විසින් Pornhub වෙතින් 94GB පමණ ප්‍රමාණයක දත්ත සොරකම් කර ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා. මේ අතරට පරිශීලකයින්ගේ Email, ඔවුන් සිටින ස්ථානය, නැරඹූ වීඩියෝවල නම්, ඒවා නැරඹූ වේලාවන් සහ සෙවුම් පද (Keywords) ආදිය ඇතුළත් වනවා. මෙම දත්ත ප්‍රසිද්ධ නොකිරීමට සහ ඒවා මකා දැමීමට නම්, තමන්ට Bitcoin මඟින් කප්පම් මුදලක් ගෙවන ලෙස හැකර්වරුන් ඉල්ලා ඇති බවයි වාර්ත වන්නේ. එමෙන්ම වාර්තාවලට අනුව දත්ත වාර්තා මිලියන 201කට වඩා වැඩි ප්‍රමාණයක් හැකර්වරුන් සතු වන බව දක්වන්න පුලුවන්.
හැකර්වරුන් විසින් සොරකම් කරන ලද දත්තවල නියැදියක් පරීක්ෂා කිරීමෙදී තහවුරු වී ඇත්තේ, එහි ඇති ඇතැම් තොරතුරු සත්‍ය බවයි. කැනඩාවේ සහ ඇමරිකාවේ වෙසෙන හිටපු Pornhub පාරිභෝගිකයින් තිදෙනෙකු එම දත්ත තමන්ගේම බව තහවුරු කර ඇති අතර, ඒවා වසර කිහිපයක් පැරණි බවද ඔවුන් පවසා තිබෙනවා.
Pornhub සමාගම විසින් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම දත්ත සොරකම සිදු වී ඇත්තේ තමන්ගේම පද්ධතියකට ඇතුළු වීමෙන් නොව, දත්ත විශ්ලේෂණ සේවා සපයන Mixpanel නම් තෙවන පාර්ශවීය ආයතනයක සිදුවූ ආරක්ෂක බිඳවැටීමක් හේතුවෙන් සිදුව ඇති බවයි.
සයිබර් ආරක්ෂණ විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට, පරිශීලකයෙකුගේ සැබෑ අනන්‍යතාවය (Email හරහා) සහ ඔවුන්ගේ සංවේදී නැරඹීමේ පුරුදු ප්‍රසිද්ධ වීම මඟින් එම පුද්ගලයන්ගේ පවුල් ජීවිතයට, රැකියාවට සහ මානසික සෞඛ්‍යයට සුව කළ නොහැකි හානියක් සිදු විය හැකි බවයි. විශේෂයෙන්ම දේශපාලනඥයන්, ප්‍රසිද්ධ පුද්ගලයන් සහ විවිධ වෘත්තිකයන් මෙම තර්ජනය හරහා දැඩි අසීරුතාවට පත්වීමේ අවදානමක් පවතින අතර මීට පෙර 2016 වසරේදී සිදුවූ Adult Friend Finder (AFF) දත්ත සොරකමේදී ද මෙවැනිම සමාජමය ව්‍යසනයක් ඇති වුවා.
Aylo (Pornhub හි මව් සමාගම) සිය පරිශීලකයින්ට දැනුම් දී ඇත්තේ, සැක සහිත විද්‍යුත් තැපැල් පණිවිඩ (Phishing emails) පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.
Source: help.pornhub.com techcrunch.com








