Loading...
විශ්වාසවන්ත Free VPN එක Proton VPN

අපි මීට කලින් සාකච්ඡා කළා VPN කියන්නෙ මොනාද කියන එක, ඒක වැඩ කරන්නෙ කොහොමද ආදී විස්තර.

ඉතින්, අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ විශ්වාසවන්තව භාවිතා කළ හැකි VPN සේවාවක් වෙන ProtonVPN සේවාව ගැන. ProtonMail කියන Email සේවාව ගැන අපි මීට කලින් කතා කළා. ඒ, Gmail වලට වඩා හොඳ Email ගැන කියපු ලිපියේ. ProtonMail කියන්නෙ  අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය පැත්තෙන් හොඳ නමක් දිනාගෙන ඉන්න ස්විට්සර්ලන්ත සමාගමක්. ඉතින් අපිට පුළුවන් ProtonVPN සේවාව ගැනත් විශ්වාසය තියන්න.

ProtonVPN සේවාව භාවිතා කරන්න නම් ඔයා නොමිලේ ProtonMail ගිණුමක් හදාගන්න ඕන. මම හිතන්නෙ ඔයා මේ වෙනකොටත් ProtonMail ගිණුමක් හදාගන්න ඇති. ඒකෙ Email එකයි Password එකයි භාවිතා කරලා ඔයාට ProtonVPN වලටත් Login වෙන්න පුළුවන්. ProtonMail ඊමේල් අකවුන්ට් එකක් නැතත් මේ පේජ් එකෙන් ඔයාට පුළුවන් Account එකක් හදාගන්න.

https://account.protonvpn.com/signup/account

ගිණුමක් හදාගෙන Login වීමෙන් පස්සෙ ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය VPN Client software එක බාගන්න. මේ app එකෙන්, එහෙමත් නැත්නම් software එකෙන් කරන්නෙ ඔයාව ProtonVPN එකට සම්බන්ධ කරන එක. ඔයාට ඕන platform එකට අදාළ VPN Client App එක බාගන්න මෙන්න මේ ලිංක් එකෙන් පුලුවන්, හැබැයි ඔයා log වෙලා ඉන්න ඕන.

https://account.protonvpn.com/downloads#protonvpn-clients

ඊට පස්සෙ වැඩේ සරලයි, App එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න, ඊට පස්සෙ Login වෙන්න. සාමන්‍ය VPN ඇප් එකක් වගේම Connect වෙන්න පුළුවන්. මේ ඇප් පාවිච්චි කරන හැටි කියලා දෙන්න අවශ්‍ය වෙන එකක් නෑ, මොකද App ඉන්ටෆේස් එක හරි සරලයි.

මේකෙ නොමිලේ දෙන සර්වර්ස් වෙනමත්, මිලට ගන්න තියෙන සර්වර්ස් වෙනමත් වශයෙන් තමයි තියෙන්නෙ. ඔයාට කරන්න තියෙන්නෙ Traffic අඩුම free සර්වර් එකක් තෝරලා ඒකට connect වෙන්නයි.

ඔන්න එහෙනම්, VPN කියන්නෙ මොනාද කියලත් කියලා දීලා, විශ්වසනීයව නොමිලේම භාවිතා කරන්න පුළුවන් VPN App එකකුත් ඔයාට අරන් ආවා. තවත් ලිපියකින් අපි මුණගැහෙමු. ඔබට ජය!