Loading...
ඉන්දීය රජය විසින් තම හමුදාවට PUBG, Facebook, Tinder ඇතුලු apps 86 භාවිතා කිරීම තහනම් කරයි

පසුගිය සතියේදී, ඉන්දීය රජය විසින් TikTok ඇතුලු Chinese apps 59ක් එරට වැසියන් හට තහනම් කරනු ලැබුවා. ඉතින් ඉන් සතියකට පමණ පසු එනම් අද දිනයේදී (ජූලි 09), ඉන්දීය හමුදාව විසින් සිය සාමාජිකයන්ට ජූලි 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී PUBG, Facebook, Instagram, Tinder, Snapchat වගේ ඉතාමත් ප්‍රසිද්ධ apps 86 ක් තහනම් කොට තිබෙනවා.

ඉතින් මේ ආකාරයට තහනම් කලත් Facebook, Instagram වගේ apps වල websites පවා තහනම් කලාද කියන එක නම් clear නෑ. මොකද ඒ websites පවා easily accessible නිසා.

ඉතින් මෙන්න මේ list එක තමා ඉන්දීය හමුදාව විසින් සිය සාමාජිකයන්ට තහනම් කරලා තියෙන්නේ:

Social Media

  • Hike
  • Facebook
  • Instagram
  • Snapchat

Sharing

  • Xender
  • Zapya

Gaming

  • PUBG
  • Nono Live
  • Mobile Legends
  • All tencent games

E-commerce

  • AliExpress
  • Banggood
  • Gearbest
  • Romwe

Dating apps

  • Tinder
  • TrulyMadly
  • Happn
  • Aisle
  • OkCupid
  • Azar
  • Bumble
  • TanTan

News, Lifestyle and Music apps

  • Daliy Hunt
  • Pratilipi
  • POPXO
  • Hungama
  • Songs.pk
  • Tumblr
  • Reddit

ඉතින් මීට අමතරව තහනම් කරලා තියෙන අනිත් apps වෙන්නේ ඉන්දීය රජය විසින් මීට පෙර තහනම් කරන ලද TikTok ඇතුලු apps 59 යි. ඉන්දීය හමුදාව මේ තීරණය අරගෙන තියෙන්නේ සිය හමුදා සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ රහසිගත තොරතුරු වල ආරක්ෂිතභාවය රැක ගැනීමටයි.