Loading...
Snapdragon 875 Chipset එක දෙසැම්බර් 01 වනදා නිකුත් කිරීමට Qualcomm සමාගම සූදානම් වේ

ඉතින් මේ අවුරුද්දේ අවසාන කාලවකවානුවට හිමීට අපි එද්දී, ඊලඟ flagship Snapdragon chipset එක ගැන තියෙන බලාපොරොත්තුත් එන්න එන්නම වැඩි වෙනවා. ඒ අලුත් chipset එක 5nm process එකක base වෙයිද? ඒක Apple ලගෙ අලුත් A14 Bionic chipset එක අභිබවා යයිද? ඉතින් Qualcommලත් මේ ඇවිලෙන ගින්දරට පෙට්‍රල් දාන ගමන් confirm කරනවා rumor එකක් වෙලා තියෙන Snapdragon 875 chipset එක දෙසැම්බර් පළමු වෙනිදා නිකුත් කරනවා කියලා.

ඉතින් මේක release කරන virtual event එකට දැනටමත් invitations යවන්න පටන් අරගෙන තියෙන්නේ කියල වාර්තා වෙනවා. ඉතින් අපිට පේනවා කලින් අවුරුදු වල වගේම මේ පාරත් Qualcommලා follow කරන්නේ year-end schedule එකක් කියලා. ඉතින් පහලින් තියෙන invitation එකෙන් දැකගන්න පුලුවන් මේක two day event එකක් කියලා. කෙසේ වෙතත් මේකේ branding එකක් සඳහන් වෙන්නේ නෑ.

Snapdragon 875 Rumored Specs

කලින් උන leaks වලට අනුවම මේ Snapdragon 875 chipset එක base වෙන්නේ 5nm fabrication process එකකින්. ඒ වගේම Samsung ලා දැනටමත් මේ සඳහා orders ලබා දීලා තියෙනවා කියලත් ආරංචි වෙනවා. ඒ වගේම පසුගියි ජූනි මාසයේ මේකෙ productions පටන් අරගෙන තියෙනවා.

මේකේ internal specs ගැන කතා කරද්දී කලින් වගේම 1+3+4 core architecture එකකටයි stick වෙලා තියෙන්නේ. ඒ වගේම මේ සඳහා ARM v8 Cortex technology එකක build උනු අලුත්ම Kryo 685 cores තමා include වෙන්නේ. ඒත් prime core එක ගැන කතා කරද්දී Cortex-A78 core එක වෙනුවට use වෙන්නේ customized සහ ගොඩක් powerful Cortex-X1 core එකක්.

ඒ වගේම මේකෙ 5G handle කරන්න Qualcomm සමාගම Snapdragon X60 modem එකක් include කරලා තියෙනවා. කෙසේවෙතත් මේ modem එක integrated ද එහෙමත් නැතිනම් වෙනම module එකක් විදිහටද available වෙන්නේ කියන එක ගැන නම් තවම විස්තරයක් නෑ.

ඉතින් මේක මොන device එකටද ඉස්සෙල්ලම එන්නෙ කියන දේ ගැන කතා කරද්දී අපිට නිගමනය කරන්න පුලුවන් මේක බොහෝ විට Samsung S series එකේ device එකකට feature වෙයි කියලා. කෙසේවෙතත් Realme සහ Xiaomi සමාගමුත් ඔවුන් 5nm chipset-powered flagship එකක් ගැන වැඩ කරගෙන යනවා කියල tease කරලා තියෙනවා.

Source : Android Authority