Loading...
Qualcomm සමාගම විසි​න් Mid-range ජංගම දුරකතන සඳහා Snapdragon 782G chipset එක හදුන්වා ​දේ

මෑතකදී Snapdragon 8 Gen 2 එළිදැක්වීමෙන් පසුව, Qualcomm සමාගම විසින් ඔවුන්ගේ නවතම Snapdragon 782G chipset එක හඳුන්වා දෙනු ලැබුවා. මෙහි මීළඟ Chipset එක ලෙස Snapdragon 778G+ Chipset එක වැඩිදියුණු කිරීම් කිහිපයක් සහ වැඩිදියුණු කළ AI සමඟ හඳුන්වා දී තිබෙනවා.

මේ Snapdragon 782G Chipset එක බොහෝ දුරට 6nm Kryo 670 Chipset එක මත පදනම් වන අතර මෙයට 2.5GHz සිට 2.7GHz දක්වා වූ Clock Speed එකක් තිබෙනවා. තවද මෙයට එකවර 22MP Camera 3ක් 200MP Main Camera එකක් 10-bit Colour Depth එකක්, 120fps සහිත Action Photos සහ HDR10+ සහිත Photos ඉතා කාර්‍යක්ෂමව මේ Chipset එකට Process කිරීමේ හැකියාවෙන් යුක්ත වනවා.

Qualcomm Snapdragon 782G 5G Launch Specs Features Mid Range Android  Smartphones Details

තවද මෙය WiFi 6 සහ Bluetooth 5.2 සඳහා සහාය දක්වන අතර Snapdragon X53 5G Modem-RF System එකද, Qualcomm Aqstic Audio Codec එකද මේ Chipset එකට සහාය දක්වනවා. තවද මේ Snapdragon 782G Chipset එක ඔස්සේ Display එක සඳහා 60Hz සිට 144Hz දක්වා වූ Refresh Rate එකක් සහ FHD+ සිට 4k දක්වා වූ Quality එකක් ලබා ගත හැකි වනවා.

අමතර විස්තර ලෙසින් මෙය LPDDR5 RAM, USB-C, Fingerprint Scanning සඳහා Qualcomm 3D Sonic Sensor එකට සහ Quick Charge 4+ (0%-50% in 15mins) සඳහා ද මෙය සහාය දක්වනවා.

Qualcomm සමාගම විසින් Snapdragon 782G Chipset එක නිල වශයෙන් නිකුත් කරන දිනයක් පිළිබඳව දින හෙළි කර නොමැති නමුත් මෙය ඉතා ඉක්මනින් ප්‍රකාශ කරන බවට බලාපොරොත්තු විය හැකිය.

Source: www.qualcomm.com www.androidpolice.com www.gsmarena.com www.sammobile.com 9to5google.com