Loading...
Qualcomm Snapdragon 875 5nm Process node එකෙන් සහිත SoC එක TSMC විසින් නිෂ්පාදනය අරඹයි

Qualcommලගේ Snapdragon 865 Chipset එකෙන් බලගැන්වෙන Flagship Phones විශාල ප්‍රමාණයක් මේ වසරේදී එළිදක්වා තියෙනවා. ඒත් එක්කම ඔන්න Qualcomm සමාගම එයාලගේ මීළඟ General Flagship Chipset එක පරීක්ෂා කිරීම ආරම්භ කිරීමට සූදානම් බව පේනවා. තායිවානයෙන් එන නවතම වාර්තා වලට අනුව TSMC එක අලුත්ම Snapdragon 875 කියන Chipset එකේ නිෂ්පාදන වැඩකටයුතු නිල වශයෙන් පටන්ගෙන තියෙනවලු.

ලැබිලා තියෙන තොරතුරු වලට අනුව, මේ Snapdragon 875 එක 5nm Process node එකක් මත පදනම් වෙනවා. TSMC එක කියන විදියටනම් 5nm node තුනක් මේ Chipset එකට ඇතුලත් වෙනවා. regular 5nm, 5nm Plus සහ වැඩි දියුණු කළ 5nm Process කියන nodes මේකට ඇතුලත් වෙනවා.

5nm Fabrication Process එකට අපේක්ෂිත පරිදි, Onboard එකට වැඩි Transistor ප්‍රමාණයක් ඇතුළත් වෙන්න ඕනේ, වැඩි Clock Speed එකක් ලබා දෙන්න ඕනේ, සහ ගොඩක් Power Efficient වෙන්නත් ඕනේ. මේ Snapdragon 875 එකේ core architecture එක 1 + 3 + 4 වුනත්, Prime Core එක Overclocked Cortex-A78 වෙනුවට අලුත් Cortex-X1 Core එක වෙනවා. මීට අමතරව මේ Chipset එකේ ඇති Cortex-A78 cores තුනක් සහ Cortex-A56 cores හතරක් අපිට බලාගන්න පුළුවන්.

Cortex-X1 Core එක, Snapdragon 865 SoC එකේ තියෙන previous-gen Cortex-A77 ට වඩා 30% ක Performance එකක් ලබා දෙනවලු. කටකතා වලට අනුව, මේ Processor එක බොහෝ විට Adrino 660 GPU සමඟ සම්බන්ධ වෙනවාලු.

Qualcomm සමාගම මේ Snapdragon 875 SoC එක සමඟ 5G සම්බන්ධතාවය ලබා දීම expand කරනවලු.  ඒ අනුව, 5G Modem එක Chipset එක තුලම එනවාලු.  වර්තමානයේ Smartphone Manufacturersලට Snapdragon 865 SoC එකක් Phone එකකට යොදනවානම් 5G මොඩමයක් ලබා ගැනීමට බල කෙරෙනවා.  Snapdragon X60 5G modem එක යනු Snapdragon 875 SoC එක තුළට යොදන එකක්. මේ 5G Modem එක Release වෙන්න තියෙන 5G Apple iPhone වලට යොදාගයි කියලා කටකතා පැතිරිලා තිබෙනවා.

Qualcomm හැරුණු විට, TSMC විසින් Apple සඳහා Chipsets සහ AMD සඳහා High end GPU Develop කරන බව කියනවා. Snapdragon 875 වලට තවමත් මාස ගණනක් ඉතිරිව ඇති අතර මේ SoC එක Officially මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී එළිදක්වනවා. එතකං මේ Flagship chipset එක ගැන Leak වෙන තොරතුරු ගැන අපි අවධානයෙන් ඉමු.