Loading...
Qualcomm Snapdragon 898හි GPU එක බලාපොරොත්තු වූවාටත් වඩා බලවත් බවට තොරතුරු වාර්තා ​වේ

Qualcomm සමාගම මේ වසර අවසානයේදී ඔවුන්ගේ නවතම Flagship Chip එක වන Snapdragon 898 Chip එක එළිදැක්වීමට සූදානමින් සිටිනවා. ඉතින් මේ Chip එක තමයි 2022 වසරේදී නිකුත් කිරීමට නියමිත බොහෝමයක් Flagship Android Devices වලට අන්තර්ගත කිරීමට නියමිතව තිබෙන්නෙ.

මෙම නවතම Snapdragon 898 Chip එකේ GPU එක වෙන්නෙ Adreno 730. ඉතින් මේ වෙද්දි ප්‍රසිද්ධ Tech Leaker කෙනෙක් වන @IceUniverse විසින් මෙම Chip එකේ GPU එක සම්බන්ධ දෙයක් හෙළිකරලා තියෙනවා. ඒ තමයි මේ Chip එකේ GPU Performance එක ඉතාමත්ම හොඳ බව. හරියටම කිව්වොත් ඕනවටත් වඩා හොඳයි කියන එක. මොකද ඔවුන් බලාපොරොත්තු වුන මට්ටමටත් එහා ගිය GPU Performance එකක් මෙම Adreno 730 Unit එක හරහා ලබා ගත හැකි බවටයි හෙළිව තිබෙන්නේ.

තවද මෙම Chip එකේ බලශක්ති කාර්යක්ෂමතාවය (Energy Efficiency) ද ඉතාමත්ම ඉහලතම මට්ටමක පවතින බවටයි පැවසෙන්නෙ. අපි දන්න දෙයක් තමයි ගොඩක් Processors Graphic Performance එක වැඩි වෙනකොට Energy Efficiency එක අඩු වෙන එක. ඉතින් ඒ කාරණය නම් හොඳට Graphics දාලා Games Play කරන අයට හිසරදයක්. ඉතින් අපට මෙම නවතම Snapdragon 898 Chip එක හරහා මේ ප්‍රශ්නයට ඉතාමත් හොඳ සාර්ථක උත්තරයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වේවි.

මේ Chip එක යෙදූ Smartphone එකක් හරහා Games Play කරද්දි ඇසට දැනෙන වෙනසක් ඇති ඉතා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු Graphics දැකබලා ගන්න ඔයාලට හැකි වෙනවා. ඒ වගේම Phone එකේ Battery එකත් ඉතුරු කරගන්න පුලුවන්කම ලැබෙනවා මේ හරහා.

ඉතින් මේක නම් Gamersලට නම් බොහෝම සුභ ආරංචියක් වනවා නොඅනුමානයි.

Source: GizChina,