Loading...
Qualcomm විසින් ගෘහාශ්‍රිතව භාවිතා කල හැ​කි අධිවේ​ගී Wi-Fi 7 තාක්ෂණය එලිදක්ව​යි

පසුගිය දා Qualcomm ආයතනය විසින් ගෘහස්ථ පරිශීලකයන් සඳහාම නිර්මාණය කරන ලද “The Qualcomm Wi-Fi 7 Immersive Home Platform” නම් High Performance Wireless Networking Technology එක පිළිබඳ ව හෙළිදරව් කළා. මේ හරහා අධිවේගී අන්තර්ජාල අත්දැකීමක් ලබාගත හැකි වන අතර ලබන වසර හෝ දෙක තුල මෙය නිකුත් වීමට ද නියමිත වනවා.

මෙම Qualcomm Wi-Fi 7 Immersive Home Platform එක 20 Gbps දක්වා වූ උපරිම වේගයක් ලබා ගැනීමට සමත් වන අතර ඒ සඳහා Power-efficient Chipset එකක් භාවිතා වන අතර Qualcomm ආයතනය පවසන අන්දමට මෙය ඉතා ලාභදායක එකක් ද වනවා.

එමෙන්ම මෙම Platform එක සතු ව Qualcomm Multi-Link Mesh නමින් නව පහසුකමක් ද අන්තර්ගත වන අතර මෙය වඩා වේගවත් මෙන් ම responsive networking අත්දැකීමක් සමඟ ගෘහස්ථ ජාලකරණ තාක්ෂණයේ තවත් සංවර්ධන පියවරක් පෙන්නුම් කරයි.

“We developed the Qualcomm Immersive Home Platform to enable high-performance connectivity in a cost-effective, low-profile form factor delivering the newest innovations in home networking,” -Qualcomm Technologies, Inc හි රැහැන් රහිත යටිතල පහසුකම් හා ජාලකරණ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා සාමාන්‍යාධිකාරී Nick Kucharewski-

මෙම නව Qualcomm Wi-Fi 7 Immersive Home Platform එක සතු Multi-Gigabit Fiber Broadband සබඳතාව සහ ඉතාමත් අවම Latency අගයකින් සමන්විත වේ. මේ අනුව High-resolution Video, Augmented Reality, Virtual Reality මෙන් ම Low-latency Gaming තවදුරටත් පරිශීලකයන්ට සමීප වනු ඇත.

එමෙන්ම මෙහි Multi-Link Mesh පහසුකම මඟින් Legacy Wireless Devices වල Performance තවදුරටත් වැඩි කිරීමට ද මෙම Platform එකට හැකියාව පවතී. එනම් පැරණි Devices ද WiFi 7 සමඟ පෙරටත් වඩා හොඳින් ක්‍රියා කරනු ඇත.

මෙම WiFi 7 Chipset සමඟ නිෂ්පාදන 2023 වර්ෂයේ දෙවන බාගය වන විට පමණ පාරිභෝගිකයන් වෙතට සමීප වනු ඇතයි Qualcomm ආයතනය බලාපොරොත්තු වෙයි.

Qualcomm WiFi 7 Immersive Home Platform එක සතුව ඇති මින් පෙර දී ද සඳහන් කළ Multi-Link Mesh තාක්ෂණය මඟින් Devices වල Network Demand එක අනුව බුද්ධිමත් ලෙස Wireless Connection Dynamically Manage කිරීමේ පහසුකමක් ද වනවා. එමගින් Devices වලට ගැලපෙන ලෙසට 2.4GHz, 5GHz හෝ 6GHz Bands වලින් එකක් හෝ කිහිපයක් එකතු කර හෝ වෙනත් විකල්පයක් භාවිතා කර හෝ, Low-latency එකක් සමඟින් Optimum Speed එකක් ලබා දීම මෙන් ම Lag-free Gaming Experience එකක් ලබා දීම සිදු කරනු ලබනවා. එමෙන්ම Crowded Wireless Environment එකක් තුල WiFi 7 හි Real-time Latency එක 75%කින් අවම වේ.

“Wi-Fi 7 brings powerful new capabilities which are best experienced using a tri-band system. Through this approach, Wi-Fi mesh can deliver performance gains for both new and legacy devices”

WiFi 7 හි 5GHz Band එකෙහි Performance තවදුරටත් වැඩි කිරීම සඳහා වඩාත් පුළුල් 240MHz Channel Width එකක් සමඟින් 4K QAM Modulation එකක් ද භාවිතා කර ඇති අතර එය පෙර පවතී WiFi 6 වලට සාපේක්ෂව 80% වැඩි Throughput එකකි.

එමෙන්ම WiFi 7 වල නවතම 6GHz Band එක සඳහා ද 320MHz Channel Width එකක් සමඟ 4K QAM Modulation එකක් භාවිතා කල ඇති අතර එය මේ වන විට පවතින Latest ම WiFi Technology එක වන WiFi 6E සමඟ සසඳන විට 140% කින් වැඩි Throughput එකක් පෙන්නුම් කරයි.

Linksys, Netgear හා TP-Link වැනි Wi-Fi Brands මේ වන විටත් WiFi 7 භාවිතා කිරීමට සුදානම් ව සිටින අතර එහි විධායක නිලධාරීන් කිහිප දෙනෙක් මේ පිළිබඳ ව අදහස් දක්වා ද තිබුණා.

“Qualcomm Wi-Fi 7 Immersive Home platforms provide our customers with cost-effective, high-performance networking for any size home. We’re excited to work alongside a company that is first in the industry to combine Multi-Link Mesh with advanced Wi-Fi 7 capabilities” -Linksys හි පාරිභෝගික නිෂ්පාදන කළමනාකරණ අධ්‍යක්ෂ Aly Reyes-
“Our work with Qualcomm grants us front-line access to the next generation of platforms that offer a complete portfolio of advanced Wi-Fi 7 capabilities to our customers” -Netgear-
“We’re looking forward to combining this technology with our wireless RF and networking expertise to provide our customers with unique, high-performance, multi-band Orbi Mesh products” -Netgear හි Connected Home Products and Services හි සභාපති සහ සාමාන්‍යාධිකාරී David Henry-
Sources: Forbes Qualcomm