Loading...
Telegram සඳහා Reactions, Spoilers, Translation සහ QR Codes යන පහසුකම් ලබා දීමට කටයුතු කරයි

මිලියන 400 කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් සතු ලොව ජනප්‍රියම Messaging App එකක් ලෙස Telegram හදුන්වන්න පුලුවන්. මොවුන් ඉතා හොද Updates ඔවුන්ගේ පරිශීලකයන්ට ලබාදෙන අතර මෙම වසරේ 12 වන Update එක පසුගියදා නිකුත් වූ අතර එය මගින් Message Reactions, Spoilers, Message Translation, Themed QR Codes ආදී වෙනස්කම් කිහිපයක් Telegram වෙත එක් කරන ලදී.

Message Reactions

ඔබ විසින් Facebook හි Messenger App එක භාවිතා කරනවා නම් මේ පිලිබදව ඔබට මේ වන විටත් යම් අවබෝධයක් පවතිනවා ඇති. මෙහිදී  Telegram සමාගම විසින්ද Messages සදහා  reaction දැක්වීමේ පහසුකම එක් කර ඇති අතර අදාල Message එක එක්වරක් Tap කිරීම මගින් Message Reactions ඔබට බලාගත හැකිය. එයින් අවශ්‍ය Reaction එකක් ඔබටම Select කරගත හැකිය. එසේම Message එක උඩ Double tap කිරීම මගින් Quick Reaction ලෙස තෝරා ඇති Reaction එක Message එක්ට එක්වේ.

Quick Reaction වෙනස් කිරීම Android සදහා Telegram → Settings → Chat settings → Quick Reaction ලෙසද, iOS සදහා Stickers and Emoji → Quick Reaction මගින් සිදුකල හැකිය. මෙම පහසුකම Private Chats, Groups සහ Channels යන සියලු කොටස් වලට ලබා දී තිබේ. කෙසේ නමුත් Groups සහ Channel තුල මෙය Enable හෝ Disable කිරීමේ බලය Admin වරුන්ට හිමිව තිබේ.

Spoilers

යම් මැසේජ් එකක් ටයිප් කර පසු එය සගවා send කළ හැකි වීම මෙමගින් සිදුවේ. මෙහිදී මෙයට අදාල Option එක Click කල පසු පණිවිඩය තුල එය නොපැහැදිලි වන අයුරින් ඩොට් සමූහයක් වැටීම සිදුවේ. කෙසේ වෙතත් නැවත මැසේජ් එක උඩ Tap කිරීමෙන් පමණක් මෙය කියවීමට හැකි වේ. මෙම පහසුකමද Private Chats, Groups, Channels යන සියල්ලටම ලබා දී තිබේ.

මැසේජ් එකක් Type කර එක මත Press කරගෙන සිටීමෙන් පැමිණෙන menu එක තුල ඇති Spoiler option එක press කිරීම මගින් ඔබට මෙලෙස මැසේජ් Spoiler කිරීමේ අවස්ථාව ලැබේ.

Translation

මෙම නව හදුන්වාදීම මගින් වෙනත් App එකකට නොයා, Message එක කොපි කිරීමක්වත් සිදු නොකර එක click එකක් මගින් පමණක් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේ අවස්තාව ඔබට හිමි වන අතර මේ සදහා වෙනමම Button එකක් ඔවුන් Selective menu එක තුලට හදුන්වා දී තිබේ.

මේ සදහා පලමුවෙන්ම ඔබ විසින් පලමුව Setting Language වෙත ගොස් ඒ තුල ඇති Show Translate Button  එක Enable කිරීම මගින් Translate Button එක Selective menu එකට එකතු වේ. ඉන් පසු පරිවර්තනය කිරීමට අවශ්‍ය Message එක උඩ Tap කිරීමෙන් පසු පෙන්වන menu එක තුල ඇති Translate Button එක press කිරීමෙන් ඔබට අදාල පරිවර්තනය වීම බලා ගත හැකිය.

Themed QR Codes

මේ මගින් ඔබගේ User Name සදහා ඔබටම ආවේණික QR කේතයක් නිර්මාණය වන අතර මීට පෙර මෙන් නොව නව Update එක මගින් ඒ සදහා ඔබට අවශ්‍ය Theme එකක් තේරීමේ අවස්තාවද හිමිව තිබේ.

Interactive Emoji

?,?,?,?,?,?,❄️ මෙම Emoji අලකාරවත් Animations සහිතව නව Update එක මගින් හදුන්වා දී ඇති අතර මීට අමතරව තවත් Emoji කිහිපයක සුලු වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ.

New Menu for macOS

macOS Menu එක සදහා නවතම මුහුණුවරක් මෙම Update එක යටතේ හදුන්වා දී ඇති අතර ඒ සදහා Animated Buttons ආදීයද හදුන්වා දී තිබේ.

Source : telegram.org