Loading...
210W Charging සහ 200MP කැමරාවක් සමග නිකුත් වු Redmi Note 12 Explorer Edition

2022 වසරේ දී චීනයේ Redmi සමාගම විසින් නිකුත් කරනු ඇතැයි බොහෝ දෙනා බලා සිටි Redmi Note 12 දුරකථන පෙළ Xiaomi සමාගම විසින් එළිදැක්විමට කටයුතු කරනු ලැබුවා. එලෙස නිකුත් වු දුරකථන පෙළෙහි Redmi Note 12 Explorer Edition එක සඳහා 210W Fast Charging පහසුකම ලබා දී තිබෙනවා.

මෑත කාලීනව තාක්ෂණික ලෝකය තුළ දැවැන්ත අත්දැකීම් සමුදායක් ඉදිරිපත් කළ Xiaomi සමාගම විසින් මෙම වසරේදී Redmi Note 12 Series එක යටතේ Redmi Note 12 Pro, Redmi Note 12 Pro Plus සහ Redmi Note 12 Explorer යන දුරකථන වෙළෙඳපොළට නිකුත් කිරිම සිදු කරනු ලබනවා.

පසුගිය වසරේ iQOO විසින් නිකුත් කළ iQOO 10 Pro දුරකථනය සඳහා 200W Charging පහසුකම සමග 4,700 mAh බැටරියක් අන්තර්ගත කොට තිබිණි. එම දුරකථනය Full Charge වීම සඳහා මිනිත්තු 10 ක කාලයක් ගතවන බව සඳහන් වේ.

මේ Redmi Note 12 Explorer සඳහා 210W Charging පහසුකම සමග 4,300 mAh බැටරියක් අන්තර්ගත කර තිබෙන අතර එය මිනිත්තු 9ක වැනි කාලයක් තුළ Full Charge වන බවත් සදහන් වනවා. ඒ අනුව Redmi Note 12 Explorer දුරකථනය මෙතෙක් පවතින වේගවත්ම Charging පහසුකම සහිත දුරකථනය බව අප දක්වන්න පුලුවන්.

තවද මෙම දුරකථන පෙළ MIUI 13 යටතේ බලගැන්වෙන Android 12 මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ක්‍රියාත්මක වන අතර 12 Pro සහ 12 Pro Plus දුරකථන සඳහා 5,000mAh බැටරියක් ලැබෙන අතර එම දුරකථන සඳහා පිළිවෙලින් 67W සහ 120W Charging පහසුකම හිමිවේ. මෙම දුරකථන පෙළ 6GB සහ 8GB RAM යටතේ නිකුත් වන අතර 128GB සහ 256GB Storage පහසුකම ද සලසා ඇත.

මීට අමතරව Note 12 Pro දුරකථනය සඳහා OIS පහසුකම සහිත 50MP Sony IMX766 ප්‍රධාන කැමරාවක් පවතී. 12 Pro Plus සහ Explorer Edition දුරකථන සඳහා OIS පහසුකම සහිත 200MP ප්‍රධාන කැමරාවක් හිමිවන අතර සියලුම දුරකථන සඳහා 2MP Macro කැමරාවක් සහ 8MP Ultra Wide කැමරාවක් අන්තර්ගත වනවා.

Sources: technave.com